Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) රාත‍්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු 16 කින් පාකිස්තානය පරාජය කළේය
අද පැවති තරගයේදී ශ්‍රී ලංකාවේ පිතිකරණයේදී මහේල හා ඩිල්ෂාන් එක්ව ශක්තිමත් ආරම්භයක් ලබාදීම සෙසු ක්‍රීඩකයින්ට පහසුවක් වූ අතර විශාල ලකුණු ගණනක් නොවුණත් පිටියේ තත්වය අනුව ලකුණු 139 ක්දක්වා තරගකාරී ලකුණු ප්‍රමාණයක් ලබාදීමට අපේ කණ්ඩායමට හැකි වුණා.

පකිස්තානය පළමු ලකුණු 31 දක්වා හොඳ ආරම්භයක් ලබා ගත්තත් පිට පිට කඩුළු වැටීම් හමුවේ ඔවුන්ගේ ලකුණු ගැනීම අඩාල වුණා....

දක්ෂ පන්දු යැවීමක නිරතවූ රංගන හේරත් අවශ්‍යම කඩුළු 3ක් ලබාගත් අතර කඩුළු ලබා නොගත් නමුත් අඩු ලකුණු ගණනක්(19) දුන් මාලිංගගේ පන්දු යැවීමද කැපී පෙනුණා.

තරගය අවසන් වන විට පකිස්තානයට ජය ගැනීම සඳහා ලබා ගත යුතු ලකුණු 140 වෙනුවට ලබාගත්තේ කඩුළු 7 ක් දැවී ලකුණු 123 පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව පකිස්තානය පරාජය කළ අතර ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
හෙට පැවැත්වෙන තරගයෙන් දිනන ඕස්ටේ්‍රලියාව හො බ.ඉන්දීය කොදෙවි පිළ සමග ලංකාව ඉරිදා තරග වදිනු ඇත.

ලකුණු සටහන පහත පරිදිය.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us