Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ආදරේ කලා හෝ වෙන දෙයක් කළා කියලා මේ තරම් මඩ ගහන්න හොඳ නැහැ...

කවදාවත්ම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මම හිටියේ. තනියම ඉන්න එක හරිම නිදහස් කියල මට හිතෙනව. මේ දවස්වල මගෙ යාළුවො එක්ක හිනාවෙලා විනෝදයෙන් කාලය ගත කරනව.

ඒ වගේම මගෙ පවුලේ අය මට හරිම ආදරෙයි. ඒ නිසා මට ප්‍රේමයේ අඩුවක් දැනෙන්නේ නෑ.

මම අනාගතය ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිත පෑරුණාම “ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි” කියල හිතුන වෙලාවලුත් නොතිබුණා නෙමෙයි. ඒත් මම ජීවිතයට සරලව සාර්ථකව මුහුණ දෙනවා."

නමුත් වසර දෙකකට පමණ පසු කාලයත් සමඟ ඇය එම අදහස වෙනස් කරගන තිබෙන අතර දැන් ඇය පවසන්නේ "ඇත්තටම මට ආදරේ කරන කොල්ලෙක් හම්බ වුනොත් හෙටම බඳිනවා" යනුවෙනි.

ආදරේ ගැන හිතන විදිහ?
මේ මොහොතේ ඇතිවෙලා මේ මොහොතේ නැතිවෙනවා. ඒක හැඟීමක්.

විඳලා තියනවද?
විඳලා තියනවා. ආදරේ සතුට දුක දෙකම විඳලා තියනවා

මේ දවස් වල?
මේ දවස් වල ආදරේ විරහව විඳිනවා. දැන් මම කැමති නැහැ විරහවට.

හේතුව?
හේතුවක් කියලා නැහැ. ආදරේ ඉතින් ස්ථිර හැඟීමක් නෙවේ. ඒක වෙනස් වෙනවා.

කෙනෙක් ඉන්නවද?
තාම එහෙම කෙනෙක් ලැබිලා නැහැ. ලැබුනොත් හෙටම බඳිනවා. ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් ලැබුනොත් විවාහ වෙනවා.

ඇයි ඔබව කවුරු හරි රැවැට්ටුවද?
රවට්ටලා නම් නැහැ. යෝජනා ගොඩාක් එනවා. ඒත් ගැලපෙන කෙනෙක් හමුවෙලා නැහැ. ගැලපෙනව නම් විවාහ වෙනවා.

ගැලපෙනව කියන්නේ?
ගැලපෙනවා කියන්නේ අදහස්, ගතිගුණ හැම අතකින්ම. සල්ලි තිබුනටවත් වැඩක් නැහැ. එහෙම අය ගොඩාක් කතා බහ කරද්දී දැනෙනවා අදහස් වලින් හරි මෝඩයි කියලා. ඒ වගේ අයට මම කැමති නැහැ. මට ගැලපෙන්නේ නැහැ.

ක්ෂේත්‍රය ගැන කියන කතා බොරුද?
නලු නොළියෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. එයාලා ආදරේ කලා හෝ වෙන දෙයක් කළා කියලා මේ තරම් මඩ ගහන්න හොඳ නැහැ. අර කතාවක් තියනවනේ ඵල ඇති රුකටලු ගල් ගහන්නේ කියලා. ඒ වගේ දෙයක්.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us