Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

රුවන්වැල්ලේ සෝභිතව වැලිකඩදී රෙදි ගලවා වරුවක් දණගස්සලා තියලා ...

කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වී කෑගල්ල මහාධිකරණය මඟින් විසි වසරක සිර දඬුවමක් නියම කල රුවන්වැල්ලේ සෝභිත නොහොත් සුනිල් ශාන්ත නැමැත්තා ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ අවස්ථාවේ එහි රැඳවියන් විසින් සම්පූර්ණයෙන්ම නිරුවත් කර දණ ගස්වා ඇතැයි වාර්තා වේ.
රුවන්වැල්ලේ සෝභිතට අදාල කාන්තාව දුෂණය කිරීමට අනුබල දුන් එම කාන්තාවගේ මාමණ්ඩියද ඒ ආකාරයෙන්ම නිරුවත් කර දණ ගස්වා ඇත.

දඬුවමින් පසු කුරුවිට බන්ධනාගාරයේ රඳවි සිටි මොවුන් දෙදෙනා ඊයේ විශේෂ ස්ථාන මාරුවක් අනුව මෙසේ වැලිකඩ බන්ධනාගාරයට ගෙනවිත් තිබිණි.

ඔවුන් රැඳවීමට නියම වූ වැලිකඩ බන්ධනාගාරයේ අදාල වාට්ටුවට දැමීමෙන් පසු මෙසේ නිරුවතින් දණ ගස්වා ඇති අතර පසුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්ව යළි ඇඳුම් අන්දවා සිර මැදි තුලට දමා තිබේ.

කෙසේ වෙතත් සැලකිය යුතු වේලාවක් නිරුවතින් දණ ගසාගෙන සිටි නිසා සහ ඔවුන්ගේ ඇඳුම් තැන තැන දමා තිබීම හේතුවෙන් දුර්වර්ණ වී තිබී ඇති අතර ඒවා ඇඳගත් පසු දෙදෙනාම යාචකයන් සේ දිස් වූ බවද බන්ධනාගාරය අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us