විස්සයි විස්ස අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවත් නිමාවුණා. එහෙත් මේ ක්‍රිකට් තරග මාලාව සමඟ ජනප්‍රිය වුණු එක්තරා රූපවාහිනී වැඩසටහනක මතකය නම් තවමත් ප්‍රේක්ෂකයින්ට නිමා කරන්න හිත නෑ.
ක්‍රිකට් තරග විස්තර විචාර අතරින් ක්‍රීඩාලෝලීන්ගේ වැඩි මනාපයක් දිනාගත් මේ වැඩසටහන ’Fan Talk’ එකේ කරපු කතා කොයිතරම් විනෝදාත්මක ද කියලා ක්‍රීඩාලෝලී ඔබට තවමත් අමතක නැතුව ඇති. නවසීලන්තය සමඟ ශ්‍රී ලංකාව තරග කළ මැච් එකේදි මහේල ජයවර්ධන දෙවන ලකුණට දුව යද්දි දැවී ගියා. ජ්චද බචතඬ වැඩසටහනින් ඒ සම්බන්ධව රැගෙන ආපු දෙබස් ටික ඔබට මතකයි නේද?
”මහේල නම් ඒකට එච්චර උනන්දුවක් වුණේ නෑ. අහක බල බල හිටිය මිසක්.
පිස්සුද? එයා උනන්දු වුණා. පුළුවන් තරම් හයියෙන් එයා දිව්වේ දැක්කේ නැත්ද?
නෑ. නෑ. එයා මැච් එක අතරතුර බැඳපු ජෝඩුවක් දිහා බලන් හිටියනේ.
පිස්සුද! කව්ද කිව්වේ?
එහෙනම් අර විස්තර විචාරෙදි කිව්වෙ.
”ජයවර්ධන ලුකින් ෆෝ කපල්” කියලා (Jayawardene looking for couple)
මේ වගේ කතා ’Fan Talk’’ වල අනන්තවත් තිබුණා. බොහෝ ක්‍රීඩා පේ‍්‍රක්ෂකයින් මේ විහිළුවලට ඉල ඇදෙන්න හිනාවුණා. මේ කතා අප හමුවට රැගෙන ආපු සුවිශේෂී චරිත තුන පසුගිය දිනක අපි හමුවුණා.
”මේ වැඩසටහන අපි පටන් ගත්තේ පසුගිය පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්. මුලින්ම මේ වැඩසටහන කරන්න අපට ආරාධනා කළේ Media Plan කියන ආයතනය. ඔවුන් අපට මේ ආකාරයේ ආකෘතියක් දුන්නේ නෑ. විස්තර විචාර අතරතුර යන්නට කුමක් හෝ වැඩසටහනක් අවශ්‍යයි කියලයි කිව්වේ.
මේ වැඩසටහනට ’Fan Talk’’ කියන නම දැම්මේ ගාමින්ද ප්‍රියවිරාජ්. ගාමින්ද කිව්වේ මේ වැඩසටහන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් කරන දෙයක් නිසා ඒ නම යෝජනා කරපු බවයි.
’Fan Talk’’ වලට ගිය පාර ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපේ ක්‍රීඩාලෝලීන් මේක නරඹලා ඔවුන්ම තමයි මේ වැඩසටහන ‘යූ ටියුබ්’ එකටත් දාලා තිබුණේ. මේ වැඩසටහන සඳහා අපි අදහස් ගත්තෙත් අපේ ක්‍රීඩාලෝලීන්ගෙන්ම තමයි. බොහෝවිට මමත්, සුනෙතුත්, ජනකත් අපි තුන්දෙනාම නිතර මැච් බලන්න යන අය. ඒ ගියාම බොහෝ ප්‍රේක්ෂක පිරිස් දිහා අපි අවධානයෙන් බලන් ඉන්නවා. ඔවුන් සමඟ කතාකරනවා. ඒ අනුව තමයි ’ජ්චද බචතඬ’ නිර්මාණය කරන්නේ.

ගාමින්ද හා සුනෙත් අපේ රටේ ප්‍රේක්ෂක ජනතාව හඳුනා ගත්තේ සිරස රූපවාහිනියේ විකාශය වූ ‘අපි නොදන්න ලයිව්’ වැඩ සටහන හරහා. ඒ කාලේ බොහෝ දෙනෙක් ඔවුන්ව හඳින්වූයේ චූටි මල්ලියි පොඩි මල්ලියි කියලයි. ’Fan Talk’’ නිසා මේ දෙන්න එක්ක දැන් ජනකත් එකතු වෙලා. තුන්දෙනාගේම එකතුවෙන් කවුරුත් ප්‍රිය කරන වැඩසටහනක් නිර්මාණය වුණා.
සුනෙතුයි, ගාමින්දයි එකතුවෙලා තවත් අලුත් වැඩකට මේ දිනවල සූදානම් වෙනවා. ඒ තමයි චිත්‍රපටයක් නිර්මාණය කිරීම. එළඹෙන අලුත් අවුරුද්දේ සුබ මොහොතින් වැඩ ආරම්භ කරන්නයි බලාපොරොත්තුව.
සටහන හේමාලි විජේරත්න
චූටි මල්ලී පොඩි මල්ලී හා සුදු මල්ලී එක්ව ක්‍රිකට් විනෝදය මතුකරමින් ගෙන ආ ෆෑන් ටෝක්ස් වැඩසටහන් පහතින් නරබන්න