Update 11/01/2012
කහවත්තේ ඝාතනය ගැන හෝඩුවාවන් දෙකක්...
ගේට්ටුවේ ඉබ්බා රඳවන ස්ථානයට කෝටු කැබැල්ලක් ගැහුවේ ඇයි...
නිවසේ පැත්තක පිහිටි ගරාජයේ දොර විවර වී තිබීලා...
පොලිස් නිල සුනඛ අංශයේ ‘ෂීබා’ද සිද්ධිය වූ ස්ථානයට...
(31) සවස ඝාතනයට ලක් වූ කහවත්ත, වරාපිටිය ප්‍රදේශයේ කාන්තාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සියඅවධානය සැක කටයුතු කරුණු කිහිපයක් වෙත යොමු කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක් වූයේ යූ.ඩී.චන්ද්‍රාවතී නැමැති 66 හැවිරිදි දෙදරු මවකි. ඇගේ මළ සිරුර පොලිසියට හමු වී ඇත්තේ නිවසින් පිටත, නිවස වටකර තිබූ තාප්පය අසල තිබීයදීය.
මේ අනුව මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇගේ සිරුර වෙනත් තැනකට රැගෙන යන්නට උත්සහ දරා කිසියම් හේතුවක් නිසා මළ සිරුර තාප්පය අසල දමා ගොස් ඇද්දැයි පළමු සැකය වෙනවා.
අනෙක් සැක කටයුතු කාරණාව වන්නේ සාහසිකයන් පසුපස මරු විකල්ලෙන් එලවා ගෙන පැමිණි මෙම කාන්තාව අනතුරුව අධික රුධිර වහනය වීම හේතුවෙන් ඇද වැටී මිය ගියාද යන්නයි.
මෙම ඝාතනය සිදු වූ නිවසේ ගේට්ටුවට ඉබි යතුරු දමා නැති බව මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත. ගේට්ටුවේ ඉබ්බා රඳවන ස්ථානයට කෝටු කැබැල්ලක් ගසා තිබී ඇත.
මෙම කෝටි කැබැල්ල ගසන්නේ මියගිය අයගේ සැමියා හෝ පුතා නිවසින් පිටවී රැකියාව සඳහා පිටත්ව යද්දී බව මූලික විමර්ෂණයේ දී හෙළිදරව් වූ තවත් කරුණකි. එසේ නම් සාහසිකයන් කෝටු කෑල්ල ගලවා ගේට්ටුවෙන් ඇතුළු වී යළිත් කෝටුව ඉබි කටේ රඳවන්නට නොරැඳෙන බව පරීක්ෂකවරුන්ගේ අදහසයි. ඒ පිළිඹඳ විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම කාන්තාව ඝාතනයට ලක් වූ අවස්ථාවේ ඇය සිට ඇත්තේ නිවසේ කෑම කාමරයේ බව සැක කෙරේ. ඇය ඉදිරියට පැමිණි සාහසිකයන් ඇයට පිහි පහර එල්ල කරද්දී ඒ පහරවලින් බේරෙන්නට ඇය සිය දෑත පාවිච්චි කර ඇතැයි සැක කෙරේ.
ඒ නිසා ඇයගේ දෑතට කැපුම් තුවාල සිදු වී ඇත. ඇගේ නළලේ කැපුම් තුවාලයක් පවතී. මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙක් සිටින අතර පිරිමි දරුවා සහ ඔහුගේ බිරිද ජීවත් වී ඇත්තේ මෙම නිවසේ ය.
ඇගේ දියණිය විවාහ වී මෙම නිවසට නුදුරින් වාසය කරයි. (31) මෙම පුත්‍රයා සහ සැමියා රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. නිවසේ සිට ඇත්තේ මෙම කාන්තාව පමණී. ඇගේ සැමියා කලවාන ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂකවරයෙකි.
පුත්‍රයා කහවත්ත ප්‍රදේශයේ තේ වත්තක ක්ෂේත්‍ර පරීක්ෂකවරයෙකි. මොවුන් වරාපිටියේ මධ්‍යම පාංතික පවුලකි. මෙම නිවස පිහිටා ඇත්තේ වරාපිටිය ග්‍රාමය කෙළවරේය. නිවසේ තාප්පයට අළලා අසල්වැසියන්ට අයත් නිවාස දෙකක් පිහිටා ඇති අතර මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ එම නිවාසවල කිසිවකු සිට නැත.
නිවසේ පැත්තක පිහිටි ගරාජයේ දොර විවර වී තිබී ඇත. නිවසට එපිටින් පාලු ප්‍රදේශයකි. සවස 5 ට පමණ මෙම ඝාතනය සිදුවන විට මොර සූරන වර්ෂාව සමග පළාතම දැඩි අඳුරක ගිලී තිබී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සාහසිකයන් මෙම ඝාතනය සිදුකර කෙටි තාප්පයෙන් පැන අඳුරේ පළා යන්නට ඇතැයි සැක කෙරේ. කොටකෙතන, වරාපිටිය ප්‍රදේශවල සිදුවූ 15 වැනි මිනිස් ඝාතනය වශයෙන් මෙය වාර්ථා වී ඇත. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ වරාපිටිය හෝ කොටකෙතන ගම්මානවල ජනතාව මේ පිළිඹඳ කිසිම සොයා බැලීමක් කරන්නට රොක් නොවීමයි.
ඔවුන් තමන්ගේ නිවාස තුළට වී කුතුහලයෙන් සහ කම්පාවෙන් යුතුව පසුවන බවක් පෙනේ. සිද්ධිය වූ ස්ථානයට (01) පෙරවරුවේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූවාය.
අනතුරුව කහවත්ත මූලික රෝහලේ තබා ඇති මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කහවත්ත මූලික රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළාය. මෙම අභිරහස් ඝාතනය පිළිඹඳ විශේෂ වගකීමක් පැවරී ඇති රත්නපුර පොලිස් නිල සුනඛ අංශයේ ‘ෂීබා’ සුනඛයාද සිද්ධිය වූ ස්ථානයට රැගෙන’විත් ඇත.
සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු රත්නපුර, කහවත්ත, ගොඩකවෙල පොලිස් ස්ථානවල නිලධාරින් ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්‍ය බලකාය,පොලිස් බුද්ධි අංශය,පොලිස් නොවිසඳුන අපරාධ යන අංශවලට අයත් නිලධාරින් රාශියක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ගෙන යති
කහවත්තේ 15 වැනි කාන්තා ඝාතනය...
කහවත්ත යළි භීතියෙන් ඇලළේ...
දෙදරු මව කෲර ලෙස කපා කොටා මරා දමලා පුතා නිවසට එනවිට මව ලේ විලක..
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ තවත් කාන්තාවක් අභිරහස් ලෙසඊයේ (31) සවස 6.00 ට පමණ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ...මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පන්සල පාර, වරාපිටිය ප්‍රදේශය පදිංචි, වී. ඩී. චන්ද්‍රාවතී නැමැති 66 හැවිරිදි දෙදරු මවක් බව වාර්තාවෙනවා .එම දේහයේ කැපුම් තුවාල රාශියක් දක්නට ඇතැයිද පැවසෙනවා..
මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ප්‍රදේශයේදී කාන්තාවන් ඉතා අභිරහස් ලෙස ඝාතනය කරනු ලැබුනා. එම ඝාතකයන් කෙසේ හෝ නීතියේ රැහැනට හසුවුනා. ඔවුන් අතර මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලඥයන්ද වුනා.කහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කොටකෙතන කලාපයේ වසර හතරක් තුළ සිදු වූ පහළොස් වැනි කාන්තා ඝාතනය මෙයයි.
මෙම ඝාතනයට ලක්වූ කාන්තාව සිය පිරිමි දරුවා (25) සමඟ නිවසේ ජීවත් වෙයි. කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික තේ වත්තක ක්ෂේත්‍ර නිලධාරියෙක් ලෙස සේවය කරන මෙම පිරිමි දරුවා ඊයේ පස්වරුවේ රැකියාව නිමකොට නිවසට පැමිණි අවස්ථාවේ දී මව නිවස තුළ නොසිටීම නිසා සොයා බලද්දී මව නිවසේ ඉදිරිපස කෙළවරක බිම ඇද වැටී සිටින ආකාරය දැක තිබේ.
ඉන් පසුව අසල්වාසීන්ට සහ ඥාතීන්ට සිද්ධිය දැනුම් දී ඇත. ඝාතනය වූ කාන්තාව ගේ නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති පොලිස් මුරපොළේ නිලධාරීන් ද මෙම සිද්ධිය සැලවීමත් සමග මේ ස්ථානයට පැමිණ වැටී සිටි කාන්තාව කහවත්ත මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
කහවත්ත මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා මෙම කාන්තාව පරීක්ෂා කිරීමෙන් පසු ඇය මිය ගොස් ඇති බවට තහවුරු කළේය.
මෙම කාන්තාව නිවස ඇතුලේ ඝාතනය කර ඇති බව සොයා ගෙන තිබේ.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා කලවාන ප්‍රදේශයේ තේ වත්තක සේවය කරයි. දියණිය විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටී.
ඝාතකයා ගෙවත්තට ඇතුළු වන විට ගේට්ටුවේ අගුලට කෝටු කැබැල්ලක් ගසා ඇති බවට පොලිසිය සැක කරයි.
මේ මරණය සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර කොටකෙතන ප්‍රදේශයේ දී සොහොයුරියන් දෙදෙනකු ඝාතනය කළ සිද්ධියේ චූදිතයා සැක කරන බව පොලිසිය දන්වන අතර එම සැකකරු මේ වන විට අධිකරණය මගින් ඇප පිට මුදාහැර ඇති බවත් ඔහු කහවත්ත ප්‍රදේශයේ සැරිසරා ඇති බවත් වාර්තා වනවා.
සොහොයුරියන් දෙදෙනා ඝාතනය කර තිබූ ආකාරයටම ඊයේ සවස මරණයට පත්ව සිටි කාන්තාව ද ඝාතනයට ලක්කර සිටීම නිසා ඉහත සැකකරු මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන බව පොලිසිය පවසනවා.
කහවත්ත පොලිසිය සහ රත්නපුර විශේෂ පොලිස් කණ්ඩායම් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති. විශේෂ කාර්ය බළකාය ද එම පරීක්ෂණ සඳහා සහයෝගය ලබා දෙති.