Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මේනක නෙහාරා විවාහ වන්නට සූදානම් වනවා කියන්නේ ඇත්තද..

අපි දෙන්නා අතර තියෙන්නේ ලොකු බැඳීමක්...

ඔහුගේ නම කියවුණේ කොතැනද එතැන ඇයගේ නම කියවිණ. ඇයගේ නම කියවුණේ කොතැනද එතැන ඔහුගේ නම කියවිණ.

මේනක රාජපක්ෂ. නෙහාරා පීරිස්. මේ ඒ ඔහු සහ ඇයයි.පුංචි තිරයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන මේනක සහ නෙහාරා කලකට පෙර සිටම පුවත් මවන්නෝ වූනා.
‘මේනක නෙහාරා විවාහ වන්නට සූදානම් වනවා’ මේ ඔවුන් පිළිබඳ පැතිර යන අලුත්ම ආරංචියයි .

ඒ කතාව ඇත්තද?
නෙහාරා පළමු අදහස් දැක්වීම මේනකට භාර කළා.
අපි දෙන්නා රඟපාන්න ආපු කාලේ ඉඳලා කටකතා පැතිරුණා. ඒවා නිර්මාණය කරන්නනේ කරන්න වැඩක් නැති අය. දැන් අපි ඒවට හුරු වෙලා. කපන්න කපන්න සඳුන් ගසේ සුවඳ හමනවා. ඵල ඇති රුක්වලට තමයි ගල් වදින්නේ. එක හින්දා අපිට ඉවසන්න පුළුවන්.

ඔබ දෙපොළ බොහෝ තැන්වලට යන්නේ එකට නේද?
දෙදෙනාටම ඇරැයුම් ලැබෙන ඒවට එකට යනවා.

ඔබ සහ නෙහාරා අතර ඇති මේ හිතවත්කමෙහි කෙළවර කුමක්ද?
ඒක දෙවියන් වහන්සේ විසින් තීරණ කරයි.

මට නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ?
වෙන්න ඇති. නමුත් එය තමයි මට කියන්න තියෙන්නේ.

ඔබ නෙහාරාට ගොඩක් ආදරෙයිද?
එකම ක්ෂේත්‍රයේ එකට වැඩ කරද්දී පුද්ගලයෝ එකිනෙකාට ආදරයෙන් ඉන්න ඕනේනේ.

මං ඇහැව්වේ වෙන පුද්ගලයෝ ගැන නෙවෙයි. ඔබ නෙහාරට ආදරෙයිද කියලා?
අපි දෙන්නා අතර තියෙන්නේ ලොකු බැඳීමක්. එකට රඟපාද්දී ඒ බැඳීම ගොඩක් ප්‍රයෝජනවත්.

ඔබ ගත් ඇතැම් තීරණ ගැන වැඩිහිටියෝ මොනවද කිව්වේ?
එදා ඉඳලා අද දක්වා මට මවුපියන්ගේ ආශිර්වාදය තියනවා. මං ගත්තු තීරණවලට ද එකඟ වුණා.

ඔබ දෙපොළ ගැන වැඩිපුරම කට කතා පැතිරෙන්නේ ඇයි?
අනේ මන්දා . . . මිනිස්සු මේනක නෙහාරාගේ තොරතුරු හොයන්න ආස ඇති. සමහර විට අපි දෙන්නගේ ජනප්‍රියත්වය දරාගන්න බැරි ඇති.

ජනප්‍රිය කෙනෙකු නොවුණා නම් හොඳ නැද්ද?
එය මට ලැබෙන්න තිබූ දෙයක්. කවදාවත් මට ජනප්‍රියත්වය හිසරදයක් වෙලා නැහැ. මේ තත්ත්වය මතදි වුණත් යාළුවොත් එක්ක තෝසේ කඩයකට ගිහින් කන්න බොන්න මට පුළුවන්. මං කවදාවත් හිතාගෙන නැහැ මං මහා ලොකු ජනප්‍රිය කෙනෙක් කියලා. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ජනප්‍රිය නොවුණා නම් කටකතා පැතිරෙන එකකුත් නැහැ.

ආපසු හැරී බැලුවොත් ඔබට ජීවිතයේ වැරැදුනු තැන් තිබුණා නේද?
ඔව්, මට විතරක් නෙවෙයි ඕනෑම මනුස්සයෙකුට ජීවිතයේ වරදින තැන් තියනවා. මටත් ඒ කාරණය පොදුයි. වරදින දේවල්වලින් අප ජීවිතයට පාඩම් උගත යුතුයි. ආයේ ආයේ ඒ වැරැද්ද සිදු නොවීමට වග බලා ගත යුතුයි. මං එහෙම හිතනවා. ආයෙත් මගේ ජීවිතේ එහෙම වරදින්නේ නැහැ.

ඔබ දෙපොල ගැන වැඩි හොඳක් ක්ෂේත්‍රයේ අය කියන්නේ නැහැ?
ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක්ව අපි දෙන්නම විශ්වාස කරනවා හරි අඩුයි. සමහරෙක් මූණට හිනා වෙලා අපි නැති තැනකදී හොඳටම දොස් කියනවා. මං හිතන්නේ අපි දෙන්නා ගැන පොඩි ඊර්ෂ්‍යාවක් ඇති.
මේනක එහෙම පවසපු දේවල් නෙහාරා අහගෙන හිටියේ හරිම උනන්දුවෙන්. මා ඊළඟට ඇයට ද පැන කිහිපයක් යොමු කළා.

ටෙලිවිෂනයේ නාට්‍ය රැසකම ඉන්නේ ඔබ දෙපොළ. පුංචි තිරයේ මේනක නෙහාරා යුගයක් හදන්න ද සැරැසෙන්නේ?
සිටු මැදුර, සංසාර සක්මන, තරු පිරි අහස මෑතකාලීනව අපි දෙන්නා රඟපාපු නාට්‍යය. ඒවා සඳහා අපි දෙන්නටමයි එකට කතා කළේ. බොහෝ නාට්‍යවලට අපි දෙන්නටමයි එන්න කියන්නේ. ඒක ඉතින් අධ්‍යක්ෂවරුන්ගේ කැමැත්තනේ.
නැතුව ‘මේනක නෙහාරා’ යුගයක් හදන්න අපි උත්සාහ කරනවා නෙවෙයි. එහෙම අධිෂ්ඨානයක් නැහැ. කාලයක් අපේ සිනමාවේ එවැනි යුග තිබුණා. ඒවා නිර්මාණය කළ අයත් එක්ක අපව සසඳන්න හොඳ නැහැ. ඒ අය අති දක්ෂයෝ. අපි දෙන්නා තවම රංගනය ඉගෙන ගන්නවා.

මේනක නැතුව නෙහාරා නාට්‍යවලට එන්නේ නැහැ කියලා තව කතාවක් තියනවා?
මං ඉන්න නාට්‍යවල මේනක ඉන්න ඕන යැයි කිව්වොත් ඒක විහිළුවක්. පහුගිය කාලේ ඕන තරම් මං තනියම රඟපෑවේ.

මේනකත් ඔබත් එකම ආගමේද?
ඔව්. අපි දෙන්නම රෝමානු කතෝලික.

මේනක වගේ සහකරුවෙක් ද ඔබේ ජීවිතයේ ඉදිරිය දකින්න තෝර ගන්නේ?
මං ඒ ගැන තවම හිතලා නැහැ.

මේ දිනවල ඔබ වඩාත් ජනප්‍රිය?
සිටු මැදුරේ නාමලීගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම අරුන්දතී, සංසාර සක්මන වැනි නාට්‍යන්හී මං නිරූපණය කරන චරිත දෙකත් ජනප්‍රියයි.

නෙහාරා ටිකක් මහත් වුණා නේද පහුගිය කාලේ?
ඒකට හේතුව ආහාර පාලනයක් නැතිකම අනේ. දැන් හරි. ඉස්සර වගේම මං කෙට්ටුයි.

ඔබ දෙපොළගෙන් වැඩිපුරම කේන්ති යන්නේ කාටද?
මං දෙදෙනා දිහාම බලලා ඒ ප්‍රශ්නය යොමු කළේ දෙදෙනාටම.
අපි දෙන්නටම හොඳට ඉවසීම තියනවා.
මේනක නෙහාරටත් එක්ක උත්තර බැන්දා.

අතීතය ගැන කතා කරන්න අකැමැතිද?
මේනක – ඔව්.
නෙහාරා - වෙන දෙයක් ගැන කතා කරමු.

මේනක අවසන් වශයෙන් කියමුකෝ කවදද ඔබ පුංචි තිරයේ ප්‍රේමවන්තයාගෙන් මිදෙන්නේ?
මගේ රසිකයෝ මට කවදාවත් කියලා නැහැ, මේනක ඔයා පෙම්වතාගේ චරිතය රඟපෑවා ඇති කියලා. අඩුම තරමේ මට එස්. එම්. එස්.එකක්වත් එහෙම කියලා කවුරුවත් එවලා නැහැ.

ඒත් මට දැන් ක්‍රම ක්‍රමයෙන් වෙනත් චරිතවලට ද ඇරැයුම් ලැබෙනවා. වාසිත සමරනායකගේ සිහින තාරකා එහෙම නාට්‍යයක්. එහි මං දුෂ්ඨයෙක්. සංසාර සක්මනහි මට ලැබුණේ යාචකයකුගේ චරිතයක්.

නෙහාරටත් යමක් කියන්න පුළුවන්?
අපිව ජනප්‍රිය කළාට ප්‍රේක්ෂකයින්ට ස්තුති කරනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් අපි දෙන්නම තව ගොඩක් කල් රඟපානවා කියලත් කියන්න කැමැතියි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us