Update 11/02/2012 03:32 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා වැලිපැන්න අතර කොටසට වැටී තිබු පස් කණ්ඩිය ඉවත් කර නැවතත් එම මංතීරුව යළි වාහන ගමනා ගමනයට විවෘත කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමිටර් (42.5L) කණුව ස්ථානය ආශ්‍රිත මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් අද (02) පස්වරුවේ වාහන ධාවනයට බාධා පැමිණෙන ලදී.
කඩිනමින් අදාළ පස් කණ්ඩිය ඉවත් කිරීමට මේ යටතේ පියවර ගැණින.
ඒ අනුව කොට්ටාවේ සිට ගාල්ල දක්වා ධාවනය කෙරෙන වාහනවලට දොඩංගොඩ හුවමාරුවෙන් පිටතට ගොස් වැලිපැන්න පිවිසුමෙන් යළි දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කළේය.
Update 11/02/2012 10:03 pm
පස් කණ්ඩියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මං තීරුවකට වැටෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා වැලිපැන්න අතර කිලෝමිටර් (42.5L) කණුව ස්ථානය ආශ්‍රිතව පස් කණ්ඩියක් පාරට වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට බාධා පැමිණ ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව කොට්ටාවේ සිට ගාල්ල දක්වා ධාවනය කෙරෙන වාහන දොඩංගොඩ හුවමාරුවෙන් පිටතට ගොස් වැලිපැන්න පිවිසුමෙන් යළි දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකිය.
ගාල්ලේ සිට කොට්ටාව දක්වා අනෙක් මං තීරුව ගමනා ගමනය සඳහා විවෘතව පවතින බව පොලීසිය පවසයි.