Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැති මලල කී‍්‍රඩා සංවර්ධන වැඩමුළුවට තමන් සහභාගිනොවූ බවත් ගුවන් යානය මඟහැරීම එයට හේතුවූ බවත් සුසන්තිකා ජයසිංහ පැවසීය. අදහස් දක්වමින් සුසන්තිකා පවසා සිටියේ, ඔක්තෝබර් 31 වැනිදා අළුයම තිබූ ගුවන් යානය තමන්ට මඟහැරුණු බවය.
"මම ගුවන් ගමන් හාරසියයක් විතර ගිහිල්ලා තිබෙනවා. ගුවන් ගමනක් කියන්නේ මට අලූත් දෙයක් නොවෙයි. ඒත් ඒක මගහැරුණු එක මට හිතාගන්න බෑ. මට මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ." සුසන්තිකා ප‍්‍රකාශ කළාය.

තමන් මෙම වැඩමුළුවට සහභාගි නොවී සිංගප්පූරුවට ගොස් හැරී පැමිණි බව ඇතමුන් පැවසුවත් කිසිදු ආකාරයකට රටින් පිට නොවූ බව සුසන්තිකා පවසා සිටින්නීය. "මම රට ගිහිල්ලා තිබෙනවා. සිංගප්පූරුවට විතරක් යන්න තරම් අවශ්‍යතාවක් මට තිබුණේ නෑ. ඒ බව මගේ විදෙස් ගුවන් බලපත‍්‍රය දැකපූ  ඕනෑම කෙනෙකුට ඔප්පු කරගත හැකියි. අනික මේ ගමන මම නොගිය නිසා සිදුවූ විශාල හානියක් ඇත්තෙත් නෑ. ඒ වෙනුවෙන් වියදම් කළ රුපියල් 61500ක ගුවන් ප‍්‍රවේශපත‍්‍රය නැවත ලබාගැනීමටත් කී‍්‍රඩා අමාත්‍යංශයට හැකියාව තිබෙනවා. ඒ නිසා මෙතැනදී කාටවත් ආර්ථික හානියක් සිදුවුණේ නෑ." සුසන්තිකා පවසයි.

මම මේ සිද්ධිය සිදුවූ සැණින් අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සුනිල් ජයවීර මහතාට දැනුම් දුන්නා. ඒ වගේම අපේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතාට කෙටි පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒනිසා මම කිසිදෙයක් රහසිගතව කළේ නෑ.’ තම නිවසේ සිටිමින් අප සමඟ සංවාදයට එක්වෙමින් ඇය පවසා සිටියාය. යම් හෙයකින් මේ සිදුවීම මගින් කිසිවකුට හානියක් සිදුවූයේ නම් තමන් කනගාටුවන බවද ඇය ප‍්‍රකාශ කළාය. සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් ගුවන් ප‍්‍රවේශපත‍්‍රය මිලට ගෙන තිබුණේ ඔක්තෝබර් 31 වැනිදා අළුයම 1.30ට සිංගප්පූරුව බලා එස්.කිව් 469 ගුවන් යානයේ පිටත්ව යාමට නියමිතව තිබිණි. උදෑසන 9.30ට සිංගප්පූරුවේ සිට ජකර්තා බලා පිටත්වයාමට නියමිතව තිබුණේ එස්.කිව්.963 ගුවන් යානයෙනි. එස්.කිව්.956 ගුවන්යානයෙන් ඇය නොවැම්බර් 4 වැනිදා සිංගප්පූරුව බලා පැමිණීමට නියමිතව තිබූ අතර ශී‍්‍ර ලංකාවට ළඟාවීමට නියමිතව තිබුණේ එස්.කිව්.468 ගුවන් යානයෙනි.

සුසන්තිකා අතුරුදහන්?

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us