Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මසාජ් සෙන්ටර් ඕන එකක් ගණිකා නිවාස තමයි යකෝ කියමින්
ඇත්තම සම්බාහන කාන්තාවකට අතවර කළ සෙබළු රිමාන්ඩ්...

ගණිකා නිවාසයක් සොයමින් ගිය හමුදා සෙබළුන් සිව් දෙනෙකු සම්භාහන මධ්‍යස්ථානයකට අතුල් වී එහි සේවිකාවකට අතවර කළ බව පුවතක් නිටිටබුවෙන් වාර්තා වේ.

සම්භාහන මධ්‍යස්ථාන කී සැණින් අපට හැගී යන්නේ ගණිකා නිවාසයන්ය. නමුත් ඇත්තටම පුද්ගලයින් සම්භාහනයට ලක්කරන එවැනි ස්ථානයකින් ගණිකා සේවය සොයන්නට ගිය හමුදා සෙබළුන් සිව්දෙනෙකු අපුරු සිදුවීමකට මුහුණ දුන්නා.

මෙම සම්බාහන මධ්‍යස්ථානය පිහිටා තිඛෙන්නේ නිට්ටඹුවේ කලගෙඩිහේනේය.
නිට්ටබුවේ කළගෙඩිහේන පූදේශයේ ගණිකා නිවාසයක් ඇති බවට කිසිවෙකුගෙන් ලද තොරතුරක් මත හමුදා සෙබළුන් සිව්දෙනෙකු මසාඡ් සෙන්ටර් එකකට ඇතුලුවී කාන්තාවන් ඉල්ලා කරදර කරන්නට පටන් ගෙන තිඛෙනවා.

සර් අපි ගාව ප්‍රොස්ටිටියුට්ස්ලා නෑ..අපි ආයුර්වේද සම්බාහනය කරන්න ලියාපදිංචි වෙච්ච ආයතනයක්..කරුණාකරලා මෙතැනින් යන්න

යනුවෙන් එහි කළමනාකරු පැමිණ සෙබළුන්ට කරුනු  පැහැදිලි කර දුන්නද ඔවුන් දිගින් දිගටම කරදර කර ඇත..

බොරු කියන්න එපා අපි වැඩි ගාණක් දෙන්නම් අපට එක් කෙනෙක් දෙන්නෙක් හරි දෙන්න..ඔයාල කියන ගාණක් දෙන්නම්...අපි ඕගොල්ලන්ව අල්ලල දෙන්න ආපු අය නෙමෙයි..

යනුවෙන්ද සෙබළුන් කළමනාකරුගේන් යළි යළි කාන්තාවක් ඉල්ලා සිටියත් එවැනි ස්ථානයක් නොවන බව සම්බාහන ආයතනයේ කළමනාකරු හා පිළිගැනීමේ නිලධාරිනිය පවසා තිඛෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් කියූ දේවල් ගණනකට නොගත් හමුදා සෙබළුන්

මසාජ් සෙන්ටර් ඕන එකක් ගණිකා නිවාස තමයි යකෝ ...අපිව අන්දවන්න එපා කියමින්
බලෙන්ම එහි කාමරයකට ඇතුල් වූ ඔවුන් තුවායක් ඇද ඇදක මුනින් අතට දිගා වී සිටින පුද්ගලයනගේ පිට සම්භාහනය කරන රූමත් කාන්තාවක් (සේවිකාවක්)දැක ඇත.

සම්භාහන මධ්‍යස්ථානයේ කාමර කිසිවක ඔවුන් සෙවූ වෙනත් කාන්තාවන් නොවූ අතර තමන් පැමිනි අවශ්‍යතාවය මේ කාන්තාව ලවා හෝ ඉටු කරගන්නට සිතූ සෙබළු රූමතිය දෙසට පැමිණ ඇයව ඔසවා යන්නට උත්සාහ කර ඇත..

මේ අවස්ථාවේ සම්බාහනය ලබමින් සිටි පුද්ගලයා බියටපත්ව තුවායද බිම හලාගෙන එතැනින් පැනගියේ නිරුවතිනි.

ඇයව බලෙන්ම කාමරයක මුල්ලකට ඔසවාගෙන ගොස් ..සෙබළු ඇයව බලෙන් අතවරයට ලක්කර ඇත

කළමනාකරු විසින් සිද්ධිය පිළිබඳව වහා පොලිසියට දැනුම්දීමට කටයුතු කළ අතර පොලිසිය එනවිට පළායන්නට හැදූ සෙබළුන් කොටු කර අල්ලාගන්නට පොලිසිය සමත්වුණා

අතවරයට ලක්වූ 37 හැව්රිදි කාන්තාව සේවයට පැමින වසර එකහමාරක් පමණ වන බව ද වාර්තා වනවා.

අත්අඩංගුවට පත් සෙබළුන් ගාල්ල,කඩවත,නාකියාදෙණිය හා රාගම පදිංචි අය බව වාර්තා වුණා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us