Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දේශබන්දු දේශමාන්‍ය මිගාර සංජීව පොලිස් අත්අඩංගුවට..

බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් මුවාවෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කල තවත් සක්විති කෙනෙක්..

මීට කලකට ඉහතදී මෙරට බොහෝ දෙනෙකු සක්විති රණසිංහ නැමති සොරෙකුට හසුව තමන් සතුව තිබූ මුදල් ලක්ෂ ගණනින් අහිමි කරගත්තා..

සක්විති රණසිංහගේ ජවනිකාව දැන් අවසන් වී තිබුනත් තවමත් ඔහුගේ තියරියම කොපි කරමින් ජනතාවගේ මුදල් ලක්ෂගණනින් වංචා කරන හොරුන් රටේ තැන් තැන් වල සිටින බව නම් අමතක නොකල යුතු බව කිව යුතුය
සක්විතිගේ ඇතැම් ලක්ෂණ කොපි කරමින් ජනතාවගේ මුදල් ගසා කෑ මහාපරිමාණ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරිකයෙකු පසුගියදා කැලණියේදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ අන් කවරෙකුත් නොව පසුගිය දිනවල රූපවාහිනියේ විශාල වශයෙන් දැන්වීම් පලකරමින් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ ලයන් ඒෂියන් කන්ස්ට්‍රක්ෂන් නමැති ව්‍යාපාරයේ හිමිකරුවන දේශබන්දු දේශමාන්‍ය මිගාර සංජීවයි.

පසුගිය වසරේ ශ්‍රමාභිමානී ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබූ ව්‍යාපාරිකයෙකි.එපමණක් නොව ඔහු සක්විති වාගේම සෑම සති අන්තයකම සීඑස්එන් නාලිකාවේ ටීවී වැඩසටහනකින්ද ජනප්‍රියවී සිටියේය.

පසුගිය කාලයේම රූපවාහිනී නාලිකාවල දැන්වීම් පලකරමින් සිටි මොහු මෑතකදී හදිසියේම අතුරුදහන් වී තිබුනා මේ නිසාම බොහෝ දෙනෙකු මොහු ගැන සොයන්නට වුනේ ඒ වන විටත් ඇතමෙක් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සඳහා ඔහුට අත්තිකාරම් ද ගෙවා තිබුන බැවින්ය..

දිවයිනේ ප්‍රදේශ රාශියක නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් භාරගෙන ඒ වෙනුවෙන් රුපියල් මිලියන ගණනාවක ඇඩ්වාන්ස් ලබාගෙන තිබුණ ඔහු ඒවා අතරමග නවතා දමා ගැණුම්කරුවන්ව රවටා පළාගොස් සිටියා. ඔහු ඉදිකර අවසන්වූ ඇතැම් ගොඩනැගිලි හා නිවාස වල බාල අමුද්‍රව්‍ය යෙදීම හේතුවෙන් එහි ප්‍රමිතිය ගැන ගැටලූ මතුව තිබූ අතර ඒ ගැන පැමිණිළි කරන්නට එන අයද ඔහු මගහැර සිටියා.

ඔය අතරතුර මොරටුවේ ධර්මරත්න මාවතේ පදිංචිකාරියක පොලීසියට මොහු ගැන පැමිණිල්ලක් කරමින් සඳහන් කර තිබුනේ තමාගේ නව නිවස ඉදිකිරීම සඳහා සැකකරුට අයත් සමාගම සමග රුපියල් ලක්ෂ 35 ක ගිවිසුමකට එළැඹි බවත් ඒ අනුව වැලි සිමෙන්ති ගඩොල් ගෙනවිත් වැඩ පටන් ගත් නමුත් ටික දිනකින් ගොස් බලන විට සමාගමෙන් එවූ ඉදිකරන්නන් ඒ සියල්ල අතරමග නවතා පළාගොස් තිබූ බවය එසේ යනවිට ගෙනවිත් තිබූ අමුද්‍රව්‍ය මෙන්ම තමාට අයත් වටිනා දැව තොගයක්ද රැගෙන ගොස් ඇති බවය.

මෙම පැමිණිල්ල විභාග කරන්නට පොලිසිය එන්න යයි දන්වා සිටියද ඔහු පැමින තිබුනේ නැත මේ නිසා අධිකරණයෙන් සැතාසි යැවූවද එයද තැකීමක් නොකල නිසා මිගාර සංජීවට අල්ලන්නට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරුණා.මේ අනුව කැලණිය දළුගම ප්‍රදේශයේ වූ ඔහුගේ නිවහනකදී අත්අඩංගුවට පත්වූ මිගාර සංජීව පසුගිය 7 වනදා අධිකරණයට ඉදිරිපත් කළා.

මිගාර සංජීව පෙනී සිටින වෙළෙඳ දැන්වීමක් පහතින්



ලයන් ඒෂියන් කන්ස්ට්‍රක්ෂන් ආයතනයෙන් නිලධාරිනියක විසින් පැහැදිලි කිරීමක්..

අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට පත්ව තිඛෙන පුවත සත්‍යයක් බව පිළිගන්නා අතර එම චෝදනාව සම්බන්ධයෙන් පළකර තිඛෙන විස්තරයේ නිවැරදි කිරීම් තිඛෙන බව ඇය පෙන්වා දෙනවා.
ඇය සඳහන් කරන ආකාරයට මෙම නඩුව පවරන්නට මුල්වූ මොරටුව ප්‍රදේශයේ නිවස පිළිබඳ ඔවුනගේ ගිවිසුම ලක්ෂ 268 කි. එයින් ලක්ෂ 35 ක අත්තිකාරම් ගෙවීමට නියමිතව තිබියදී එම නිවසේ හිමිකාරිය ලක්ෂ 32ක් ගෙවීමෙන් පසු ඉදිකිරීම් ආයතනය වැඩ අරඹා තිඛෙන බවත් එම තැනැත්තිය ඉතිරි මුදල් ලබාදීම ප්‍රමාද කළෙන් ඉදිකිරීම් වැඩ අතරමග නැවතූ බවත් ඔවුන් දන්වනවා.

එකී තැනැත්තිය චෝදනා කරන ආකාරයේ දැව පැහැරගෙන යාමකට ඔවුන් සම්බන්ධ නැති බවත් එම ආයතනය දන්වනවා.ඒ අතරම උසාවියෙන් සිතාසි යවා පසුව වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව පොලිසිය මිගාරව අත්අඩංගුවට ගෙන තිඛෙන බවට අප සඳහන් කර තිඛෙන විස්තරය වෙනස් විය යුතු බවත් ඇත්තටම සිදුවූයේ නීතිඥයෙකු මාර්ගයෙන් දේශබන්දු දේශමාන්‍ය මිගාර සංජීව පොලිසියට භාරවීම බවත් ඇය පෙන්වා දෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us