Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නාලක වෙදමුල්ල මහතාගේ බිරිඳ පැහැරගෙන යන්න හැදුවේ අයුතු යෝජනා වලට එකඟ නොවූ නිසාද..?

මිරිහාන පොලිසිය "ඔබට කරදරයක් නැතුව ඉන්නට තිබුණානම් ඇති නේද" කියල ඇහුවලු...

පසුගියදා හදිසි අනතුරකින් මියගිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නාලක වෙදමුල්ල මහතාගේ  බිරිඳ වන චන්දි රණසිංහ මහත්මිය, අද දින උදෑසන රාජකාරියට යමින් සිටිද්දී ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සාහ කර තිබෙනවා.
බත්තරමුල්ල ප‍්‍රදේශයේදී  පැහැර ගැනීමට ගත් එම උත්සාහයේ දී  ඇය ඉන් බේරි පැන ගෙන තිබෙනවා.

චන්දි රණසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිල්ලක්  කර ඇති අතර
මිරිහාන පොලිසිය විසින් ඇයගෙන් විමසා ඇත්තේ "ඔබට කරදරයක් නැතුව ඉන්නට තිබුණානම් ඇති නේද ?'' කියාය.

කෙසේවුවද එකී පැමිණිල්ලෙන් පසු ජනාධිපති කාර්යාලයේ අදාළ  නිලධාරියා තලංගම පොලිසීයට පැමිණ මෙම සිද්ධිය යට ගැසීම සදහා පොලිසියට බලපෑම් කර ඇති බවද වාර්තා වෙනවා.

නාලක වෙදමුල්ල මහතා මියයන්නට පෙර සිටම මෙම නිලධාරියාගෙන් චන්දි රණසිංහ මහත්මියට විවිධ අයුතු යෝජනා සහ බලපෑම් එල්ලවී තිබී ඇති බවත්, නාලක මිය ගිය පසු මෙම ඉල්ලිම් සහ බලපෑම් තර්ජනය කිරීම් දක්වා වර්ධනයවී  ඇති බවත්, ඇය ඒ කිසිවකට අවනත වී නොමැති තත්වයක් තුල බලය යොදා ඇය පැහැරගෙන යාමට තැත් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us