Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


පසුගිය සතියේ ගාල්ල ඩික්සන් හන්දියේදී දොනෝදාහක් බලාසිටියදී චිකාගෝ ක්‍රමයට ලූහුබැඳවිත් කපා කොටා මරා දමන ලද කුමාර 

සෙනෙවිරත්නගේ ඝාතනයෙන් දින දහයක් ගතවුණ ඊයේ කුමාරගේ පුත්‍රයා තවත් අය හා එක්ව පැමිණ එහි රිටර්න් එක දෙමින් පෙර ඝාතනයට සම්බන්ධ බව කියන තරුණයින් සිව් දෙනෙකු මහමග ඝාතනය කර තිඛෙනවා.

Update 11/06/2012 16:16 PM
සිව් පුද්ගල ඝාතනය: සැකකරුවන් මුදා හරී...

පෝද්දල සිව් පුද්ගල මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අද මුදා හැරිණ...
ඒ ‍ගාල්ල කොට්ටව සංචාරක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මහින්ද පිනිදිය මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය. පොද්දල පොලීසිය ඉදිරිපත් කළ වාර්තාව සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුහු මුදා හරනු ලැබුණි.

Update 11/05/2012 16:00 PM
පෝද්දල ඝාතන සැකරුවන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර

ගාල්ල පොද්දල බලගොඩ, වල්පිටවත්ත, මහසෝන් බෝක්කුව ආසන්නයේ සිදුකළ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවටගෙන සිටි පුද්ගලයින් සිවුදෙනා පැය 48 ක කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට බද්දේගම මහේස්තාත් වරයා අද (05) අවසර ලබා දුන්නේය.

Update 11/04/2012 19:00 PM
පෝද්දල ඝාතනයේ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට...

ගාල්ල, පෝද්දල වල්පිටවත්ත ප්‍රදේශයේ සිදුවු සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ඇති බවට වාර්තාවේ.

අක්මීමන ප්‍රදේශයේ දී අද (04) දහවල් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

Update 11/04/2012 14:46 PM

ඝාතනය කර ඇති පුද්ගලයන්ගේ මළ සිරුරු 3 ක්  මේ වනවිට හඳුනාගෙන ඇත

අනේකපුර පදිංචි ජානක පුෂ්පකුමාර, වැලදෙණිය ප්‍රදේශයේ පදිංචි අමිල නිශාන්ත සහ ජයසේකර මොහොට්ටි‍ගේ ජානක යන අයගේ මළ සිරුරු 3 මේ වනවිට හඳුනාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ එම පුද්ගලයා පසුගිය 25 වැනිදා ගාල්ල ඩික්සන් හන්දියේදී කපා කොටා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව ය.


ජායාරුප අනුග්‍රහය : අපි බද්දේගම






Update 11/04/2012 08:32 AM

ගාල්ලේ සිවු දෙනෙකුගේ අතපය බැඳ වෙඩි තබා මරා දමලා..

ගාල්ල, පොද්දල, බලගොඩ මන්සන්ධියේ තිබී හමුවූ පුද්ගල මළ සිරුරු පළිගැනීමේ චේතනාවෙන් කරන ලද ඝාතන බවට පොලීසිය සැක කරන අතර

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් නිසාවෙන් සිදුව ඇතැයි පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

මීට සති දෙකකට පෙර ගාල්ල ඩික්සන් හංදියේ දී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය ද මෙම සිදුවීමට සම්බන්ධ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධියට සැක කරන පුද්ගලයින් මෙලෙස ඝාතනය කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

පෝද්දල, වල්පිටවත්ත මහසෙන් බෝක්කුව ආසන්නයේ තිබී අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කළ තරුණයින් සිව් දෙනෙකුගේ සිරුරු සොයා ගනු ලැබීය.

එම මළ සිරුරුවල මුහුණු ආවරණය කර අත් පා ගැට ගසා ඇති බව සඳහන්ය.

අදාළ ඝාතනයන් සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රිශාන්ත ජ‍යකොඩි මහතා පවසයි.

ගාල්ල දංගෙදර හා කනම්පිටිය සමගිවත්ත අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ආරවුලක් හේතුවෙන් දෙපාර්ශවයේම පුද්ගලයින් ඝාතනයට ලක්වන අතර අවසාන වරට ඝාතනයට ලක්වූයේ දංගෙදර කුමාර නැමති පුද්ගලයාය

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us