Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කාරයේ තිබූ මළ සිරුර නැව් සමාගමක කළමනාකරුවකුගේ...

බම්මබලපිටිය සමුද්‍ර මාවතේ කාරයක මරා දැමූ පුද්ගලයා නැව් සමාගමක කළමනාකරුවකු වන නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ පදිංචි 52 හැවිරිදි එම්. ජී. විජිත් ද කොස්තා මහතා බව ඔහුගේ බිරිය ඇතුළු නෑයන් විසින් සිරුර හඳුනා ගෙන තිබේ.

දේශනයක් සඳහා ඔහු උදේ ගෙදරින් පිටත්ව පැමිණි බවත්, පොලීසියෙන් දැනුම්දෙන තුරු මරණය ගැන ආරංචියක් නොලැබුණු බවත් බිරිඳ පොලීසියට පවසා ඇත.
කාරයේ තිබී බනිස් ගෙඩියක් හමුවී ඇති අතර එය උදේ ආහාරය සදහා ගෙදරයින් ගෙනා එකක් බව ඔහුගේ බිරිඳ පවසා ඇත.

මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලට අනුව, ඝාතකයාද මොහු සමග රියෙන්ම පැමිණෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි. රියදුරු අසුන පිටුපස දොර විවෘත කර ලකුණු ද දක්නට ඇති බවත් රියදුරු අසුන ලඟ වීදුරුවේ ලේ පැල්ලමක් පිස දැමූ ලකුණු ඇති බවත් පොලිස් නිලධාරීහු පවසති.

රියෙන් පුද්ගලයකු බැස කඩිනමින් යනු දුටු බවට සාක්කියක් ද ලැබී ඇතැයි දැනගන්නට තිබේ.

ඝාතකයන් රියදුරා සමග පොරබදා ඇති ලකුණුද දක්නට ලැබෙන නමුත් ඝාතකයන් පිළිබඳ නිසිඳු තොරතුරක් තවත් අනාවරණය වී නොමැත.





Update 11/18/2012 13:00 PM
බම්බලපිටියේ දී අයෙකු ගෙල කපා ඝාතනය කෙරේ 


බම්බලපිටිය සමුද්‍ර මාවත ප්‍රදේශයේ මෝටර් රථයක් ඇතුළත රියදුරු අසුනේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එම ස්ථානයට නිලධාරීන් කණ්ඩායමක් ගිය බව බම්බලපිටිය පොලීසිය කියයි.

තද දම් පැහැති අලුත්ම මෝටර් රථයක් තුළදි මෙලෙස ඝාතනය කර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මොහු කිරුළපන ප්‍රදේශයේ පදිංචි විජිත ද කොස්තා ලෙස හඳුනාගෙන ඇත.

මෝටර් රථය පැහැර ගැනීමේ අදහසින් මෙම ඝාතනය සිදුකළේ ද යන්න පොලීසිය සැක කරයි.

මේ අතර මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක බිම් මහලේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ‍80 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us