Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නොවැම්බර් මස 22 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකා සිහිනය මල්ඵල ගැන්වේ...

ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනිදා චීනයේ ෂී චෑන්ග් චන්ද්‍රිකා නිකුතු මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව පවතී...

ශ්‍රී ලංකා‍ වේලාවෙන් රාත්‍රී 9.30 ට ගුවන්ගත කෙරෙන මෙය එම වේලාවෙන් විනාඩි 7 කට පසු දිවයිනට ඉහළින් අභ්‍යවකාශයේ ස්ථානගත වන්නට නියමිතව ඇත.

චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට ශ්‍රී ලංකාවටත් හැකිවීම සැබවින්ම ආශ්චර්යමත් දෙයකි.
මෙය ඇ.ඩො. මිලියන 320 ක ව්‍යාපෘතියක් වන අතර සුප්‍රීම්සැට්
( SupremeSAT)  සමාගම චීන රජයට අයත් චයිනා ගේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් හා එක්ව මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත.

Rohitha Rajapaksa
එමෙන්ම මෙම ව්‍යාපෘතිය පසුපස සිටිමින් තම සිහිනය ජයගැනීමට වෙරදරන නියමුවා වන්නේ අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන රෝහිත රාජපක්ෂ මහතායි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ඔහුගේ එකම සිහිනය වූයේ කවුරුත් නොකල දෙයක් කර ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යෑමයි.සුප්‍රීම්සැට් සමාගම සමග ඔහු සිදුකල සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම චන්ද්‍රිකාව කක්ෂගත කෙරෙන්නේ ලංකාවට විශාල ප්‍රතිලාභ රැසක් අත්කර දෙමිනි.

වාණිජමය ප්‍රතිලාභ හැරුණු කොට රටින් පිටවූ දැනුම නැවත රටට ගෙන්වා ගැනීමටත් මෙය මහගු අවස්ථාවක් වන බව රෝහිත රාජපක්ෂගේ අදහසයි.

දැනට දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානයට හා ඉන්දියාවට පමණක් හිමි අභ්‍යවකාශ බලය ශ්‍රී ලංකාවට ද නතු කර ගැනිමට හැකි වීම අප ලැබූ සැබෑ ජයග්‍රහණයක් මෙන්ම මෙරටේ තාක්ෂණික දියුණුවේ විශාල ඉදිරි පිම්මක් ද වන බව ඔහු තවදුරටත් සදහන් කළේය.

ඉදිරියේදී ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ඉංජිනේරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තමාගේ අදහසක් ඇති බව රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවට අයත් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඇත්තේ තව දින 2කි. මේ වෙනුවෙන් ගීතයක්ද මේ වනවිට නිපදවා තිබෙනවා.

ChinaSat-12 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ගීතයක්
එම අවස්ථාවේ හා චන්ද්‍රිකාවේ ජායාරූප එකතුවක් පහතින්.













Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us