Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නයනාගේ සැලෝන් එකෙන් තරුණයන්ට ඕන හැමදේම කරගන්න පුළුවන්ලු...

හැමදේම කරන්නේ නයනාගේ  මූලිකත්වයෙන්මලු...නවීන පන්නයේ උපකරණත් භාවිත කරනවලු...

නයනා කුමාරිට මේ දිනවල හරිම කාර්ය බහුලයි කියලයි ආරංචිය. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි. ඇය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සැලෝන් එක නැවත මහරගම හයිලෙවල් ප්‍රදේශයට රැගෙන ගිහින්ලු.
මහරගම ඉදිකළ නව රූපලාවන්‍යාගාරය මෙවර තරුණයන්ට විවෘතයි කියලයි ආරංචිය. තරුණයන්ට අවශ්‍ය සියලුම දෑ මෙහිදී සිදුකරගන්න පුළුවන්ලු. ඇගේ මූලිකත්වයෙන් තමයි මෙහි වැඩකටයුතු සියල්ලම සිදුවන්නේ.

හැබැයි ඇය මනාලියන්ව මෙහිදී වෙනස්‌ම ආරකින් සරසනවා කියලයි කියන්නේ. නවීන පන්නයේ උපකරණ භාවිත කරමින් තමයි මෙහි වැඩකටයුතු සිදු කරන්නේ.

සැලෝන් එකේ වැඩකටයුතුවලට මුල්තැන දුන්න හින්දා රංගන කටයුතු වලට එතරම් මුල්තැනක්‌ දීලා නැතිලු. කොහොම වුණත් මේ දිනවල පුංචි තිරයේ දිස්‌වන යශෝධරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට නම් සම්බන්ධ වෙනවා කියලයි ආරංචිය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us