Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Update 11/28/2012 16:20 PM

මමත් හංසිකා හිරුණි කුමාරි දුවත් හොඳටම පිච්චුනා...
සාලයේ වාඩිවි සිටි අමන්දා ප්‍රභාසරි බිම වැටුනා... 

නිරෝෂා පිහියක්‌ කට ඇතුළට දාලා පිහිය කරකවා කරකවා බඩ උඩ කකුල තියලා තද කෙරුවා...

රාත්‍රි 12 ට නිරෝෂා හොඳටම ආවේශ වෙලා අමන්දා දුව තල්ලු කරදාන කොට ඔළුව පිටුපස බිමට වැදුනා. ඊට පසු අමන්දා දඟල දඟල ඉන්න කොට යටි බඩ උඩට කකුල් දෙක තබා බඩ තදකර ගෙන අමන්දාගේ කට ඇතුළට නිරෝෂා පිහියෙන් අනිනවා දැක්‌කා ඒ මොහොතේ මට කර ගන්න කිසිම දෙයක්‌ තිබුණේ නැහැ.
දෙහිඅත්තකණ්‌ඩිය කදිරපුර 30 වැනිදා පැවැති මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණයේදී දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඉදිරිපිට සාක්‌ෂි දෙමින් දෙහිඅත්තකණ්‌ඩිය කදිරපුර පදිංචි එම්. එම්. චන්ද්‍රනි (47) එසේ පැවැසුවා.

මම කදිරපුර අංක 148 නිවසේ පදිංචි වී සිටිනවා. එම සිද්ධියෙන් පසු මම හොඳටම බය වුණා. දෙහිඅත්තකණ්‌ඩියේ පොලිසියේ 119 පොලිස්‌ කණ්‌ඩායම හා පොලිස්‌ මහත්වරු ආවා. පොලිස්‌ නිලධාරීන් ආවේ නැතිනම් මීට වඩා විනාශයක්‌ වීමට ඉඩ තිබූ බව පැවැසුවා. සිද්ධිය පිළිබඳ කදිරපුර පදිංචි චන්දිමා මධුමාලි (19) එක්‌ දරු මව මෙසේ කීය.

නිරෝෂා හා ප්‍රදීප් බණ්‌ඩාර යන දෙදෙනා මට මාමා හා නැන්දා වෙනවා. මේ දෙදෙනා ගොවිතැන් බත් කරමින් සතුටින් ජීවත් වුණා. මාස 02 කට පෙර නිරෝෂා නැන්දා විදේශ රැකියාවකට යැමට සූදානම් වුණා.

එයට සෙත් ශාන්තියක්‌කර ගැනීමට පසුසැල්ලාව ප්‍රදේශයේ දේවාලයකට ගියා. මෙම ස්‌ථානයේ නිධානයක්‌ තිබෙනවා කියලා කියා තිබුණා. මේ කතාව නිසා දෙදෙනාගේ සිත ටික ටික ඒ පැත්තට යොමු වුණා.

ඊට පසු උමතු අසහනකාරි තත්ත්වයකට පත්වී විවිධ දේවල් කිය කියා දොඩවමින් මේ පිළිබඳව සිතීමට පටන් ගත්තා. පසුව මින්නේරිය දේවාලයකට ගියා. එහිදී සුවයක්‌ නොලැබුණු තැන පසුගිය 11, 26 වැනි දින මෙම දෙදෙනාට ප්‍රතිකාර කිරීමට වැල්ලවාය ප්‍රදේශයෙන් කට්‌ටඬි දෙදෙනකු රැගෙන ඇවිත් 26-27 දින දෙකේම යාග හෝම ප්‍රතිකර්ම කිරීමට පටන් ගත්තා. එයින් මඳක්‌ සුවය ලැබුණා.

ඊට පසු මියගිය අමන්දා දුව සමග පවුලේ අය සියලුම දෙනා රාත්‍රි 08 ට කෑම කාලා නිදා ගත් අතර රාත්‍රි 12 ට විතර ආයෙත් නිරෝෂා හා ප්‍රදීප් අවේශ වුණා. හොඳටම ආවේශ වී මේ නිවසේ සියලුම දෙනාට භූතයෝ වැහිලා ඉන්නවා භූතයෝ අයින් කර ගන්න කියා නිවස ඉදිරිපිට ගිනි ගොඩාක්‌ ගහන්න කියලා ඉන් පසු එක්‌ එක්‌ අය පුච්චන්න පටන් ගත්තා.

මමත් හංසිකා හිරුණි කුමාරි දුවත් හොඳටම පිච්චුනා. සාලයේ වාඩිවි සිටි අමන්දා ප්‍රභාසරි බිම වැටුණට පසු නිරෝෂා පිහියක්‌ කට ඇතුළට දාලා පිහිය කරකවා කරකවා බඩ උඩ කකුල තියලා තද කරනවා දැක්‌ක බවත් පොලිසිය ආවේ නැති නම් මීට වඩා ජීවිත හානිවීමද ඉඩ තිබූ බවද ඇය පැවසුවාය.

මෙම සිද්ධියෙන් 15 හැවිරිදි හා 7 හැවිරිදි දැරියන් දෙදෙනකුට හා එක්‌දරු මවකට බරපතළ තුවාල සිදුව දැරියක්‌ ඝාතනය කෙරුණු අතර සිද්ධියට සම්බන්ධ 9 දෙනෙක්‌ මේ වනවිට අත්අඩංගුවේ පසු වෙනවා.

Update 11/28/2012 16:20 PM
ආවේශ වූ යුවළ දැරියක මරයි: තවත් දැරියකට බරපතලයි...

දේවාරූඪයේදී ආවේශවූ කාන්තාව ගෙල තුළට පිහියක් ඇතුළු කර දැරියක මරාදමලා..

දෙහිඅත්තකණ්ඩිය, කදිරපුර ප්‍රදේශයේ යුවලක් ආවේශයෙන් සිදුකළ බව කියන පහරදීමකින් 12 හැවිරිදි දැරියක මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, ඔවුන් විසින් ගින්නට දමා පුළුස්සන ලද තවත් 7 හැවිරිදි දැරියක ද බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටින බවය.

සිද්ධිය සම්බන්ධ එම යුවල දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔවුන් දෙදෙනා පොලිස්ථානය තුළ ද ආවේශයෙන් කෑකෝ ගසමින් සිටින බවය.

Live@ 12 News



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us