ළමුන් 4 ඇතුළු 6ක් අඹන්පොළදී යාල්දේවිට බිලි..
අද පෙරවරුවේ මහව සහ අඹන්පොල අතරදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මහව අඹන්පොල කිරිමැටියාව හන්දියේදී ත‍්‍රී රෝද රථයක් යාල්දේවී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, අද උදෑසන 9.10 ට පමණ ත්‍රීරෝද රථය කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවි දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බවය.
සිද්ධියෙන් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි සත් දෙනාගෙන් 6 දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමුන් 4 දෙනෙකු සහ කාන්තාවක ද වේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ, අඹන්පොළ අමුණුගම සහ බියගම ප්‍ර දේශයේ පදිංචකරුවන් පිරිසකි.
පූජාවක් සදහා ගොස් ආපසු එමින් සිටිදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ, මහව කිරිමැටිය පාර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීය.
අනතුරින් පසු දුම්රිය ත්‍රිරෝද රථය මීටර් 300ක් පමණ ඇදී ගොස් තිබුණු බව වාර්තා විය.
Live@12 News
Sirasa News