Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බාහන කෙල්ලකගේ ළැම ස්පර්ශ කළැයි එංගලන්තයේදී වරදකරු වෙයි...

විදේශ රටවල් කිහිපයක ශ‍්‍රී ලංකාවේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කල ටියුඩර් ගුණසේකර මහතා ලිංගික අතවර චෝදනාවකට එංගලන්තයේ අධිකරණයක් විසින් වරදකරු කර තිබේ.

ඒ අනුව ඔහුට පවුම් 7420 ක දඩයක් නියම වී ඇත.

පසුගිය මැයි මාසයේදී එරට ස්පා ආයතනයකදී එහි තරුණියකගේ ළැම ස්පර්ශකිරීමට උත්සාහ දරමින් ඇයට බලහත්කාරකම් කරන්නට උත්සාහ කල බව පවසමින් හිටපු තානාපතිවරයාට එරෙහිව නඩු පවරා තිබිණ.
දැනට 77 හැවිරිදි ගුණසේකර මහතා තම පුත‍්‍රයා සමඟ එංගලන්තයේ වාසය කරයි.

ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ එක්සත් ජාතික පක්‍ෂ රජයේ මන්ත‍්‍රිවරයෙකු ලෙසද දිගු කලක් මොහු කටයුතු කර ඇත.

පසුගිය මැයි මාසයේ එංගලන්තයේ විම්බල්ඩන් ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ස්පා ආයතනයක සේවය ලබාගන්නට ගිය ඔහු එහි තමන්ට සේවය ලබාදෙන්නට පැමිණි තරුණියගේ ළැම අනපේක්ෂිත ලෙස ස්පර්ශකිරීමට උත්සාහ දරමින් ඇයට බලහත්කාරකම් කරන්නට හැදූ බව හිටපු තානාපතිවරයාට එල්ලවූ චෝදනාවයි.

දැනට 77 හැවිරිදි වයෝවෘද්ධ වයසේ සිටින හිටපු තානාපතිවරයා ජේ.ආර්. යුගයේ ගම්පහ ප්‍රදේශයේ එජාප මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ අතර ඇතුන් 14 දෙනෙකු හා මහා වලව්වකට හිමිකම් කියූ හෙයියන්තුඩුවෙ රාළහාමි නමැති ප්‍රකට දේශපාලඥයාගේ පුතණුවන්ය. ඔහු පසු කලෙක පෝලන්තය, රුමේනියාව හා බල්ගේරියාව යන යුරෝපා රටවල ලංකාවේ තානාපතිවරයා වශයෙන් දිගු කලක් කටයුතු කළා.

විශ්‍රාම වයස එළැඹීමෙන් පසු තානාපති සේවයෙන් ඉවත්වූ ඔහු තම පුතණුවන්ගේ පවුල වාසය කරන එංගලන්තයේ ඔවුන් සමග පදිංචිව සිටියදී මේ අවනඩුවට පැටලී තිඛෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුණසේකර මහතා කියන්නේ මෙම ස්පා එකේ තරුණියට තමා අතවර කළා නොව ඇය සම්බාහනය අරඹන්නටත් පෙර තමාට අයුතු යෝජනාවක් කළ බවකි.
දිගු කලක සිට තමන් පීඩාවිඳි දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගන්නට තම පාදයේ සම්බාහනය සඳහා එහි ගොස් තරුණිය ලවා එය කරන්නට සූදානම්වූ පසු ඇය ඔහුට අයුතු යෝජනාවක් කළ බවත් පාදය පමණක් සම්බාහනය කරගත යුතුවූ නමුත් ඇය තමන්ගේ මුළු ඇගම සම්බාහනය කරමින් අයුතු යෝජනාව අනුව තමාට පෙළඹවීම් ඇති කළ බවත්ය. ඒ නිසා ඇගේ ළැම ස්පර්ශ කිරීමේ සිද්ධිය ඇගේ කැමැත්තද ඇතිව සිද්ධවූවක් ලෙස හිටපු තානාපතිවරයා පැවසුවා.

මෙම නඩුව විභාගවූ ඕල්ඩ් බේයිලි අධිකරණයේ විනිසුරු ඔහු කියූ දේවල් හා අනෙක්පසින් පළවූ අදහස් සියල්ල විමසා බලා ඉදිරිපත්වූ සාක්ෂි ඇසුරින් නිගමනයකට එළැඹියේ හිටපු තානාපතිවරයා අතින් ඇයට බලහත්කාරකමක් සිද්ධවූ බවය. ඒ අනුව ඔහුට පවුම් 7420 ක දඩයක් නියම වුණා.

නමුත් මේ අවස්ථාවේ හිටපු තානාපතිවරයාට තවත් අවමානයට පත්වන්නට සිද්ධවූයේ එම දඩ මුදල ගෙවන්නට තමන්ට වත්කමක් නැති බව අධිකරණය හමුවේ කියමින් බැගෑපත්වීම නිසාය.
තමා ව්‍යාපාරිකයෙකු හා වත්පොහොසත්කම් ඉපැයූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු බැවින් ගෙවන්න බෑ කියමින් මේ ආකාරයට අධිකරණයට බොරු නොකියන්නැයි විනිසුරු කියා සිටි අවස්ථාවේ හිටපු තානාපතිවරයා කියා සිටියේ තමන් සතු සියලූ වස්තුව තම දරුවන්ට ලියා ඇති බවත් තමන්ගේ වත්කම් ලෙස දැන් තිඛෙන්නේ මාසිකව ලැඛෙන තම විශ්‍රාමික මුදල පවුම් 100 ක මුදල පමණක් බවත්ය.

මේ අනුව හිටපු තානාපතිවරයාගේ වත්කම් හා ආදායමේ ඇත්ත තත්වය විමසා බලන්නටත් ඔහු වෙනුවෙන් නීති ආධාර අයදුම්කරන්නටත් එංගලන්ත අධිකරණය තීරණය කළා.

මෙම සිද්ධිය එංගලන්තයේ ටෙලිග්‍රාප් ඇතුළු ප්‍රධාන පෙළේ පුවත්පත්වලින්ද දැන් වාර්තා කර තිඛෙන අතර එය නිසා ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයේ හිටපු නිලධාරියකු විදේශයකදී ලැබිය හැකි දරුණුම අවමානය ලැබී ඇති බව පෙනෙන්නට තිඛෙනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us