Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මා සියදිවි හානි කර ගත්තොත් මාධ්‍ය ඊට සෘජුවම වගකිව යුතුයි.

ඇත්තටම මේ සිද්ධියට මාව සම්බන්ධ කර ගැනීම වැරැදි ක්‍රියාවක්...  ඒ නිසා මේක නිවැරැදි විය යුතුයි...

මීට පස්සෙවත් මේ වගේ ප්‍රචාර කරන කොට හොයල බලල හරි දේ ප්‍රචාරය කළොත් හොඳයි...

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියකගේ නමද සම්බන්ධ කර මාධ්‍ය තුළින් අතිශය පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුනා.
මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබද මේ සිද්ධියට සම්බන්ධ වූ අනූෂා සොනාලි කලා පුවත්පතකට ඇගේ අදහස් පවසා තිබෙනවා.

මෙසේ ඇගේ නම වර්තමානයේ කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු සමග සම්බන්ධ කර ප්‍රචාරය ‍කිරීම පිළිබදව ඇය සෘජුවම මාධ්‍ය වෙත ඇගිල්ල දිගු කරනවා. මෙවැනි අසත්‍ය චෝදනා වලින් ඇගේ හිත සෑහේන තරම් වේදනාවට

පත් වී ඇති අතර මොනයම් හෝ අවස්ථාවක ඇය සියදිවි හානි කර ගත්තොත් ඇයට මඩ ගහපු මාධ්‍ය ඊට සෘජුවම වගකිව යුතු බවට අනුෂා සොනාලි අවධාරණය කරනවා.

උප්පැන්න සහතිකයේ නම් දෙකක් ඇති මාලන් මේනක පැල්පොල සමග ඇය විවාහ වී තිබෙනවා.  ‍එහෙත් ඊට පෙර ඔහු අනෙක් නමෙන් විවාහ වී සිටි ඇති අතර අනුෂාගේ විවාහය නීත්‍යානුකූල නොවන බව ඇය පවසනවා. මලින්ද නිලේන්ද්‍ර පැල්පොල නමින් ඔහු විසින් කරගත් ඒ විවාහයේ මාලකට දරුවෙකුත් සිටිනවා.

තත්වය මෙසේ තිබියදී මේ පුද්ගලයාගේ නියම බිරිඳ ගැන සඳහන් නොකර අනූෂා සොනාලිව මේ සිද්ධියට සම්බන්ධ කිරීම ගැන ඇය‍ට ඇත්තේ ප්‍රශ්නයකි.

තවද ඇය මාලන් බන්ධනාගාරයේ සිටි කාලය තුල කිසිම දිනෙක ඔහු බැලීම සදහා බන්ධනාගාරයට ගොස් නැති බවත් තදින්ම පවසනවා.

කෙසේ වෙතත් දැන් මාලක පැල්පොල ජීවතුන් අතර නැත. “ඇත්තටම මේ සිද්ධියට මාව සම්බන්ධ කර ගැනීම වැරැදි ක්‍රියාවක්. ඒ නිසා මේක නිවැරැදි විය යුතුයි. මීට පස්සෙවත් මේ වගේ ප්‍රචාර කරන කොට හොයල බලල හරි දේ ප්‍රචාරය කළොත් හොඳයි” යනුවෙන් අනූෂා අවසාන වශයෙන් පවසා ඇත්තේ සිදු වූ දෙය පිළිබදව සෑබැ වේදනා‍වෙන් යුතුවය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us