සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදය පැවැත්වෙද්දි සමාජ සේවා ඇමති ෆිලික්ස් පෙරේරා මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පිවිසුම් දොරටුව අසලදි (22) සවස පය පැටලි ඇද වැටී ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ආසනයන්හි පසුපෙළ අසුන්ගෙන සිටි උපෙක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය සමඟ කතා බහ කරමින් ඇය අසලින් පිටත්ව යද්දි එම ආසන හා සභාවේ පිවිසුම් දොර අසලදී ඇමතිවරයා මෙසේ ඇද වැටී ඇත.
පාර්ලිමේන්තු සේවකයන් හා ඒ ආසන්නයේ සිටි මන්ත්‍රීවරුන් ඇමතිවරයා අසලට පැමිණ ඇමතිවරයා නැගිට්ටුවා ඇති අතර ඇමතිවරයා සේවකයන්ගේ ආධාරයෙන් සභාවෙන් පිටව ගොස් තිබේ.