Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මර්වින් යතුරු පැදියෙන්, පාපැදි තරගයක..

කැලණිය නගරයේ අද (25) පෙරවරුවේ පැවති පාපැදි තරගයක් ආරම්භ කිරීමේ අවස්ථාවට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතා, එම තරගය ආරම්භ කිරීමට සංඥාව දීමෙන් අනතුරුව මාධ්‍යයේ අවධානය දිනාගන්නටදෝ එතැන තිබූ ට්‍රේල් බයික් එකක නැගී එම තරග කරුවන් දිරිගන්වමින් කිලෝ මීටර් 4ක් පමණ දුරක් කිරිබත්ගොඩ නගරය වටා ධාවනයේ යෙදුනේය.ඔහු එසේ ගියේ හෙල්මටයක්ද නැතිවය.

‘කිරිබත්ගොඩ තරුණ කැල’ නමැති සංවිධානය වෙනුවෙන් දුමින්ද නිලන්ත පෙරේරා විසින් මෙම පාපැදි තරගය සංවිධානය කර තිබිණ.

තරගය ආරම්භයත් සමග ඇමතිවරයා අසළ සිටි තරුණයකුගේ යතුරු පැදියක් හිටිහැටියේ ඉල්ලා ගනිමින් ධාවනය කිරීම නිසා අපහසුතාවයට පත් ආරක්ෂක නිලධාරින්ද හා කාර්ය මණ්ඩල නිලධාරින් ද අසල සිටි තරුණයින්ගේ  යතුරුපැදි හා පාපැදි ඉල්ලා ගනිමින් ඇමතිවරයා පසුපස ගමන් කිරීම නිසා මහත් කලබලයක්ද ඇතිවිය.
කෙසේවුවද, මෙම පාපැදි තරගය ආරම්භ කිරීමට පෙර කෙටි ජන හමුවක්ද සංවිධානය කර තිබු අතර, ඇමතිවරයා එම අවස්ථාවට ජනාධිපතිවරයාගේ බාල සොයුරකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතාද සහභාගිකරවා ගෙන තිබිණ.

මෙහිදී ජන හමුව ඇමතු අමාත්‍යවරයා, අගවිනිසුරුවරියගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද අදහස් පල කළේය.

” දහනායක මහත්තයට චෝදනාවක් ආපු වෙලාවේ එතුමා ඊට පිළිතුරු දුන්නේ තනිවම ගිහින්.. එත් නිතිය ගැන හසල දැනුමක් තියන, ඒ පිලිබදව ආචාර්ය උපාධිපවා තිබෙන  අගවිනිසුරුවරිය, දෝශාභියෝග චෝදනා වලට උත්තරදෙන්න නීතිඥ සමාගම් සමග පැමිණීම අනුමත කරන්න බැහැ. දැන් එතුමිය වෙනුවෙන් තේරීම් කාරක සභාවට එන, ජයවේවා කියන, බෝඩ් අල්ලාගෙන පිකට් කරන, ලියන කියන, නීතිඥවරුන්ට උදවු කරන්න ඇයට සිදුවෙනවා. උදවු කරපු කෙනෙකුට පෙරලා උදවු කිරීම නරක දෙයක් නෙමෙයි. කාලගුණ සැලකීම හොද දෙයක් . නමුත්,  අගවිනිසුරුවරිය එහෙම කලගුණ සලකළා ඉදිරියේදී තීන්දු දෙන්න ගියොත් නිතිය ගැන, අධිකරණය ජනතාවට තියන විශ්වාසය නැතිවෙලා යාවි. මේක බරපතල කාරණයක්. අගවිනිසුරුවරිය මේ ගැන හොදින් සිතා බැලිය යුතුයි කියලා මම හිතනවා…”
රැස්ව සිටි පිරිස ඇමතිවරයාගේ බයික් පැදිල්ල බලා සිනහා වුණා. එම අවස්ථාවේ ස්වර්ණවාහිනී වීඩියෝව පහතින්










Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us