Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ළගදිම හැමෝම පුදුම කරන තීරණයක් මං ගන්නවා.හිරුණිකා හඩමින් කියයි..

තමන්ට තවත් නැතිවෙන්නට දෙයක් නැති බවත්, සිය ජීවිතය නැති වුවත් සිය පියා වෙනුවෙන් ඇරඹූ සටන ඉදිරියටද කරන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

ඇය මෙසේ පැවසුවේ ඊයේ දිනයේ භාරත ලක්‍ෂමන් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව ඊයේ අලූත්කඬේ අධිකරණයේදී විභාග කල අවස්ථාවේ එහි පැමිණ සිටි මධ්‍යවේදීන් අමතමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.
” මම පොළොන්නරුව හිඟුරක්ගොඩ ස්ටේජ් එකට නැග්ගයින් පස්සේ ගොඩක් අය මම මගේ තාත්තව සල්ලි වලට විකුණුවා කියලා.

මම පැහැදිලිවම කියන්න කැමතියි මොන ප්‍රශ්නෙ වුණත් මගේ තාත්තට පුදුමාකාර අසාධාරණයක් සිද්ධ වුණා මේ පක්ෂෙ ඉන්නකොට .එයාගේ තිබ්බ සංවිධායකකම දුන්නයින් පස්සේ තමයි දැන් කොලොන්නාව දැන් ඕනි කෙනෙක් දන්නවා දැන් කොලොන්නාවට මොකද වෙලා තියෙන්නේ කියලා.ළඟදීම සමහරවිට මම කාටවත් හිතාගන්න බැරි තීරණ මොකක්හරි පියවරක් ගනියි.ඒ පියවරට මම දන්නවා කොලොන්නාවේ ජනතාව සියලු දෙනා මාත් එක්ක එක්කහු වෙයි.මම සටන් කරනවා මගේ ජීවිතය ගියත් මට කමක් නැහැ.මට තව නැතිවෙන්න දෙයක් නැහැ ”

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට කරන ලද සැත්කමෙන් ඉවත් කරන ලද කොටස් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළේ ය. නඩුව යලිත් ලබන 20 වැනි දින විභාගයට ගැනේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us