ඊයේ දිනයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට වත්මන් ජනපති බැරක් ඔබාමා සමත්ව ඇත.
ඔබාමා ආසන 303ක් දිනාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වු මිට් රොමිනි දිනාගෙන ඇත්තේ ආසන 203කි.
ඒ අනුව ඉදිරි වසර 4ක කාලය සඳහාද අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බැරක් හුසේන් ඔබාමා කටයුතු කරනු ඇත.
අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වන අතර ලබන ජනවාරියේ ඔහු සිය ධුරයේ යළි දිවුරුම් දෙනු ඇත.
තෙවැනි වතාවකට ජනාධීපති ධුරය සඳහා තරඟ වැදීමට ඔබාමාට එරට ව්‍යවස්ථාව අනුව ඉඩ නැත.
අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන ඡන්ද විද්‍යාල ක්‍රමයට අනුව ඡන්ද විද්‍යාල 275ක බලය බැරක් ඔබාමා විසින් හිමිකර ගෙන ඇති අතර ප්‍රතිවාදි අපේක්ෂක මිට් රොම්නි විසින් හිමිකර ගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 203ක බලය පමණි.
ජනාධිපති ලෙස පත්වීමට නම් අපේක්ෂකයෙකු විසින් අවම වශයෙන් ඡන්ද විද්‍යාල 270 ක බලය දිනාගත යුතුය.
ඒ අනුව අවම සංඛ්‍යාවටත් වඩා ඡන්ද විද්‍යාල 5ක් වැඩිපුර දිනාගනිමින් බැරක් ඔබාමා යළිත්වරක් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබේ.