Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දෙසැම්බර් මාසයට පමණක් සංචාරක නිවහන් තිස්හය වතාවක් නොමිලේ බුක් කල නියෝජ්‍ය ඇමැති...ට්‍රිප් 36 ක් එකවර යයි..

ඇමැතිගේ නමට නොමිල වෙන් කිරීම් නිසා සීසන් එකට බංගලා හොයන අය හිස් අතින්..

රුපියල් ලක්‌ෂ ගණනක ආදායමක්‌ වතුරේ...
සංචාරකයන්ගෙන් වනජීවී සංරක්‌ෂණයට දෝෂාරෝපණ...

යාල, විල්පත්තුව, උඩවලව සහ හෝර්ටන් තැන්න වනෝද්‍යානවල ඇති සංචාරක නිවහන්වලට වැඩිම ඉල්ලුම ඇති දෙසැම්බර් මාසයේදී වනජීවී හා ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ නමින් 36 වතාවක්‌ නොමිලේ වෙන්කරවා ගෙන ඇතැයි වාර්තා වෙනවා.
මෙම වාර 36 සිදුකර ඇත්තේ විල්පත්තුව වනෝද්‍යානයේ කොක්‌මොටේ සහ යාල උද්‍යානයේ බුතව යන බංගලා දෙකද අසීමිතව අමාත්‍යංශ නිලධාරීන් වෙත වෙන්කර තිබීමට අමතරවය.

මේ අනුව වනජීවී දෙපාර්තමේන්තුවට දෙසැම්බර් මාසයේදී ලැබිය යුතු රුපියල් ලක්‌ෂ ගණනක ආදායමක්‌ අහිමි වන බවද උද්‍යාන බංගලා මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටින පරිසර ලෝලීන්ට එම අවස්‌ථාව අහිමි වී ඇතැයිද චෝදනා නැගෙනවා.

(05 දා) මෙම සංචාරක නිවහන් මිලදී ගැනීමට පැමිණ සිටි බොහෝ දෙනකුට මෙනිසා දැඩි අපහසුතාවකට ලක්‌වන්නට සිදුවුනා. ඔවුහු වනජීවී සංරක්‌ෂණයට දෝෂාරෝපණය කරමින් දැඩි අප්‍රසාදයද පළ කළා.

උද්‍යාන බංගලා වෙන්කරවා ගැනීමේ මෙතෙක්‌ පැවැති ක්‍රමවත් වැඩපිළිවෙළ දැන් කඩා වැටී ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ ආදායම් පහළ බැසීමට ඇතැම් අමාත්‍යාංශ නිලධාරීන් හා වනජීවී උසස්‌ නිලධාරීන් වගකිව යුතු බවත් වන සත්ත්ව ලෝලීහු පවසනවා.

මේ පිළිබඳව  අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ තමන් එවන් කිසිදු වෙන්කරවා ගැනීමක්‌ සිදු නොකළ බව හා වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ජාවාරමක්‌ සේ මෙම කටයුතු සිදුකරන්නේද යන්න වහාම සොයා බලන බවයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us