Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

රියෑලිටි වලින් තවමත් දමිතලාට මුදල් ගෙවලා නැතිලු...

ආයෙමත් රියෑලිටි වලට සම්බන්ධවෙන්නේ නැහැලු...

දමිතා අබේරත්න මේ දවස්‌වල විදෙස්‌ සංචාර කිහිපයකට සූදානම් වෙනවලු. කොරියාව, කැනඩාව, ඕමාන්, කුවේට්‌ කියන රටවල පැවැත්වෙන ප්‍රසංග කිහිපයකට සහභාගිවෙන්න යනවා කියලයි ආරංචිය.

ඔය අතරේ ගීත දෙකතුත් එළිදක්‌වන්න සූදානමින් ඉන්නවලු. මේ වැඩ කළාට හරියන්නෙම නැහැනේ. අනාගතය ගැනත් හිතන්න එපායෑ. ඒ හින්දා ළඟදීම විවාහ ගිවිසගැනීමත් සිදුකරන්න යනවා කියලයි අපට නම් දැනගන්න ලැබුණේ.
ඇය ඉදිරියේදී නම් රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධවෙන්නේ නැතිලු. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි රියෑලිටි වැඩසටහන් කරන පිරිස්‌ ප්‍රසිද්ධ කලාකරුවන්ව යොදාගෙන ඒ වැඩසටහන ප්‍රසිද්ධ කරගෙන තමන්ට හිමි නිසි මුදලවත් ගෙවන්නේ නැතිලු.

ඒ හින්දා ඉදිරියේදී කොහොමටවත් ඒ වගේ වැඩ වලට සම්බන්ධවෙන්නේ නැහැ කියලයි කියන්නේ. පසුගිය කාලයේ සම්බන්ධ වුණු රියෑලිටි වැඩසටහන්වලින් තවමත් දමිතලාට මුදල් ගෙවලා නැතිලු.

ඒ හින්දා දමිතා ඒ ගැන ලොකු කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය. අනික ඇය කැමැති නැතිලු ඒ වගේ වැඩසටහන් කරන නාලිකා එක්‌ක අඩදබර කරගන්න. මොකද නාලිකා නෙමෙයිනේ මේවට වගකියන්න ඕනෑ.

ඒ වැඩසටහන් කරන අධ්‍යක්‍ෂවරු හින්දා. ජාත්‍යන්තර සම්මාන පවා අරගෙන රටට කීර්තියක්‌ අත්කර දුන්න ඇය කැමැති නැහැලු නිකම් ගැටුම් ඇතිකරගන්න. ඒ හින්දා ආයෙමත් රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධවෙන්නේ නැහැ කියලයි කියන්නේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us