ජනපතිට අපහාස කරන්න ගිහින් ජිප්සීස් සුනිල් ගුටිනොකා බේරෙයි...
සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේ උත්සවයත් අතරමග නවතී...
ඇතිවූ සිද්ධියට සුනිල් පෙරේරා සමාව ඉල්ලයි...
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පසුගිය සිකුරාදා සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී ජනපතිට ගැයූ ගීයට විරුද්ධව පිරිසක් කෝලහාල කිරීම නිසා උත්සවයක් අතරමග නතර කර තිබෙනවා.
සුනිල් පෙරේරා ජනපතිට පක්‍ෂව මෙන් ගැයූ ගීය ජනාධිපතිතුමා අපහාසයට ලක්කරන බවට චෝදනා කළ උත්සවයට පැමිණි ආරාධිතයන් ඊට විරුද්ධවීමත් සමඟ බහින් බස් වීමක්ද ඇතිව තිබෙනවා.
මෙම බහින් බස් වීම දුර දිග යෑම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා අදාල පාර්ශවයෙන් සමාව අයැද තිබෙනවා.
කෙසේ වෙතත් උත්සවය අලූයම පහන්වන තුරු පැවැත්වීමට නිවමිතව තිබුණද එය මැදියම් රැය උදාවෙත්ම අදාල ගැටුම හේතුවෙන් නවතා දැමුණු බව සිනමන්ඞ් ග‍්‍රැන්ඞ් හෝටලයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.
ජිප්සීස් සුනිල් ගුටිනොකා බේරෙයි...
2012-11-12T10:30:00+05:30
k2
Sri Lanka Gossip|Sunil Perera|කලා|