Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ලා පැරිසියන් පුවත්පත පෙරේදා (13) දිනයේ පළ කළ වාර්තාවක් මගින් ප‍්‍රංශ කොටි නායක රීගන්ගේ ඝාතනය ශී‍්‍ර ලංකා රජය සහ ආරක්‍ෂක බුද්ධි අංශ පිට පටවා තිබිණි...

අදාළ ඝාතනය යූරෝ 50,000 ක මුදලකට සැලසුම් කර තිබුවක් බවටද ලා පැරිසියන් පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ සිද්ධියේ වරද ශී‍්‍ර ලංකා රජය පිට පැටවීම සඳහා එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය මේ වනවිට ප‍්‍රංශ ජනමාධ්‍ය යොදා ගන්නා මට්ටමට පැමිණ ඇති බව පැරිසියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වාර්තාව නිවැරදි කිරීමට එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය ක්‍ෂණික පියවරගෙන නොතිබුණු බවද පැරිසියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, ප‍්‍රංශ මාධ්‍ය වාර්තාවලට අනුව යමින් මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව හා ඔවුන් අතර ශී‍්‍ර ලාංකික පුද්ගලයකු සිටින බවටද එල්.ටී.ටී.ඊ. හිතවාදී වෙබ් අඩවි ඊයේ වාර්තා කර තිබිණි.

නඩරාජා මතීතිරන් (49) නොහොත් පාරදි ලෙස හඳුන්වන ප‍්‍රංශ කොටි ජාලයේ ප‍්‍රධානී රීගන් ඉකුත් 8දා රාති‍්‍රයේදී ඝාතනය කෙරුණු අතර, එය කොටි ජාත්‍යන්තර ජාලයේම රුද්‍රකුමාර් සහ නැදියවන් පාර්ශ්ව අතර, පවතින බල අරගලයේ ප‍්‍රතිඵලයක් බව ප‍්‍රකට විය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us