Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනවාරි 28 මාලනී ෆොන්සේකා අධිකරණයට…

ප්‍රවීණ සිනමා නිළි හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී මාලනී ෆොන්සේකා මහත්මියට එරෙහිව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ නඩුවකින් ඇයට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළා..

එයට හේතු වූයේ ඇය විසින් කුලී පදනම මත ලබාගෙන තිඛෙන තට්ටු නිවාස ඒකකයක වසර දෙකකට අධික කාලයක කුලී නොගෙවීමයි.

ඕෂන් ටවර් හි නිවසක් බදු ගෙන අදාල මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රිනි හා ප‍්‍රවීන නිළි මාලනී ෆොන්සේකා මහත්මියට ලබන ජනවාරී 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් සඳුන් විතාන මහතා නියෝග කළේය.
සිය නිවසට 2008 වසරේ සිට 2010 වසර දක්වා බදු නොගෙවීමෙන් තමාට රුපියල් පන් ලක්ෂ අසූ එක් දහස් හයසීය දහතුනක් (581,613) ක අලාබයක් සිදුවූ බව පවසමින් අදාල ගොඩනැගිල්ලේ හිමිකරු බව කියන ජගත් කුමාර පෙරේරා නැමැති අය විසින් මෙම පැමැණිල්ල කර තිබුණි..

ඔහු සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පවසා තිබුණේ මාලනී අදාල නිවස 2006 වසරේදී අවුරුදු 02ක බදු ගිවිසුමකට යටත්ව මුලින්ම ලබා ගත් බවත් බදු ගිවුසුම අවසන් වීමෙන් පසුව ද ඇය ගිවිසුමකින් තොරව එම නිවස වසර 02ක කාලයක් පරිහරණය කළ බවයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us