Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එදා ඒ ෂෝ එක තිබුනේ සිනමන් ලේක් හෝටලයේ හින්දා මම මෙහෙම කිවුවා - ජිප්සීස් සුනිල් කියයි.

සතුට සොයා පොඩි පොඩි ගෙස්ට් හවුස්වලට ගියේ ඇයි...
ඒ ගියාම පොලීසියෙන් ඒවා රේඞ් කෙරුවෙ ඇයි...
සිනමන් ලේක් එකට පනින්නෙ නැත්තෙ ඇයි...
රාජපක්‍ෂ  ඕව දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි...

මං කිවුවෙ  ඕකයි...ඒකෙ කිසිම මඩ ගැහිල්ලක් තිබුනෙ නෑ.
ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි...

පසුගිය දිනෙක සිනමන් ලේක් හෝටලයේ පැවති සාදයකදී ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතාට අපහාස කලේ යයි පවසමින් මන්ත‍්‍රී වී.කේ. ඉන්දික විසින් තමන්ට පහර දෙන්නට හැදු බවත් පසුව තමන් ඔහුගෙන් සමාව ගත් බවත් ජිප්සීස් නායක සුනිල් පෙරේරා පවසයි.
‘‘මෑතකදී පැවති සංගීත ප‍්‍රසංගයකදී එක මන්ත‍්‍රීතුමෙක් මට ගහන්න පැන්නා. අයි ඩෝන්ට් නෝ වයි සින්දුව කියන එක තැනකදී මම මෙහෙම කිවුවා.

 ‘සතුට සොයා පොඩි පොඩි ගෙස්ට් හවුස්වලට ගියේ ඇයි – ඒ ගියාම පොලීසියෙන් ඒවා රේඞ් කෙරුවෙ ඇයි '

එදා ඒ ෂෝ එක තිබුනේ සිනමන් ලේක් හෝටලයේ හින්දා මම ඊළඟට මෙහෙම කිවුවා

 'සිනමන් ලේක් එකට පනින්නෙ නැත්තෙ ඇයි – රාජපක්‍ෂ  ඕව දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි'

මං කිවුවෙ  ඕකයි.

ඒකෙ කිසිම මඩ ගැහිල්ලක් තිබුනෙ නෑ. උඹ අපේ ලොක්කට අපහාස කලා කියමින් බෝතලයක් අරගෙන අර මන්ත‍්‍රීවරයා මට පහර ගහන්න පැන්නා. ඇත්තටම මම අර විදිහට රාජපක්‍ෂවරු ඉදිරියේ මීට පෙර මම මේ ගීතය ගායනා කර තියෙනවා.

කොහොම වුනත් ඒ මොහොතේ ඒ පුද්ගලයාගේ තත්වය අනුව මම සමාව ගත්තා. ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.’

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us