Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මාතරින් අතුරුදන් වූ වෛද්‍යවරියගේ ඇත්ත කතාව..

වෛද්‍යවරියගේ කතාව බෝධි පූජාවකට හැරවුනේ කොහොමද...?
හික්කඩුවෙන් අතුරුදන් වූ වෛද්‍යවරිය අනුරපු‍රෙන් හමුවුනේ ඇයි...

මාතර මහ රෝහලේ නිරවින්දන වෛද්‍යවරිය දින තුනකට පසු අද (26) උදේ අනුරාධපුරයේ පිහිටි රත්නමාලි විශ්‍රාම ශාලාවේ සිටිය දී අනුරාධපුර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලැබුණ තොරතුරක් මත ගොස් පොලිස් භාරයට ගත්තා.

එරන්දි කුලසිංහ නැමැති මෙම තරුණ වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (23) සිට අතුරුදන් වී සිටියාය. මෙම අතුරුදන් වීම පිළිබඳ ගාල්ල සහ කළුතර පොලිසි හා ඒවායේ බුද්ධි නිලධාරින් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

අද උදේ එරන්දි කුලසිංහ මහත්මිය රත්නමාලි විශ්‍රාම ශාලාවේ කාමරයක් කුළියට ගෙන නැවතී සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් සමග ගොස් ඇය පොලිස් භාරයට ගත් බව පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා පවසනවා.
මේ වනවිට ඇය අනුරාධපුර පොලිස් අධිකාරි කාර්‍යලයට රැගෙන’විත් සිටී. ඇය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවම කරුණු විමසීමක් සිදු නොකළ බවත් වාර්ථා වනවා. කෙසේ වෙතත් ඇයගේ අතුරුදන් වීම පිටුපස බොහෝ දුරට පෞද්ගලික කාරණා තිබෙන්නට පිළිවන් බව පොලිසිය විශ්වාස කරනවා.

එරන්දි කුලසිංහ
ඉකුත් සිකුරාදා (23) මාතර රෝහලේ සේවාවන් නිමා කර සිය බිරිඳ නිවස බලා එමින් සිටියදී ඇය අතුරුදන් වූ බව හික්කඩුවේ පදිංචි ඇයගේ සැමියා වන දොස්තර ජනිත් රුවන් දයානන්ද මහතා ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ වෛද්‍යවරයෙකි.

අහංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකන් සිය මෝටර් රථයට රුපියල් 3500ක ඉන්ධන ලබා ගැනීමෙන් පසු දොස්තර එරන්දි කුලසිංහ මහත්මිය අතුරුදන් වූවාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරන්දි කුලසිංහ මහත්මිය අද (26) උදේ10ට පමණ අනුරාධපුර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා ඉදිරියේ කටඋත්තරයක් ලබා දී ඇත.

ඇය පවසා ඇත්තේ තමන්ගේ පියා අසනීපයෙන් පසුවන නිසා ඔහු වෙනුවෙන් ජය ශ්‍රි මහා බෝධියට බෝධි පූජාවක් හා රුවන්වැලී මහ සෑයට වන්දනාමාන පැවැත්වීම සඳහා සිකුරාදා (23) සවස අනුරාධපුරය බලා පැමිණි බවයි.

එසේ පැමිණ රත්නමාලි විශ්‍රාම ශාලාවේ කාමරයක් කුළියට ගෙන නවාතැන් ගත් බවයි. සිය වාහනයෙන් අනුරාධපුරය බලා එද්දි තමන්ගේ ජංගම දුරකතනය විසංධි කළ බව පවසා ඇති එරන්දි මහත්මිය මෙම සිද්ධිය මෙතරම් දුරදිග යාවි යැයි තමන් නොසිතූ බවත් පවසා තිබේ.

රත්නමාලි විශ්‍රාම ශාලාවේ කාමරයක් කුළියට ගෙන සිටි තවත් පුද්ගලයකු තමන් පුවත්පතකින් දුටු රූපයට සමාන රූපයකින් යුක්ත කාන්තාවක් එහි සිටින බව දැක 119 හදිසි ඇමතුම් අංශයට අද උදේ ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව ලද උපදෙස් මත අනුරාධපුර පොලිස් අධිකාරිවරයා රත්නමාලි ශාලාවට පැමිණ එරන්දි මහත්මිය සහ ඇය පැමිණි මෝටර් රථය පොලිසිය භාරයට ගෙන තිබේ.

ඇය සොයාගත් බව ඇගේ ඥාතීන්ට දැනුම් දී ඇති අතර ඔවුන් පැමිණි පසු වෛද්‍යවරිය ඔවුන් වෙත භාර දෙන්නට තීරණය කර තිබේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us