මධු සමයට හෙළිකොප්ටරයෙන් පිටත්වීමේ ආශාවක් සපුරන්නට මිනීමැරූ රක්ෂණ නියෝජිතයා..
මිනි මරා කෝල්ල කෑ මුදලින් ජයට මගුල් කලා..
හෙලිකොප්ටරයෙන් මදුසමයට ගිය සුරේෂ් කොටු වෙයි
ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී පානදුරේ නිවසක් තුල සිදුවූ පුද්ගල ඝාතනයට අදාලව පොලීසිය සොයමින් සිටි සැකකරු අරුණ සුරේෂ් (24) යන අය පොලිස් අත්අඩන්ගුවට පත්ව තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ ඉතාලියේ රැකියාවක යෙදෙමින් එහි පදිංචිව සිට සිය නිවාඩුවට ලංකාවට පැමිණ..
පානදුර ප්‍රදේශයේ පිහිටි තමාට අයත් නිවසක රැදී සිටි සරත් රණවක නම් අයෙකි...
මින් මාසයකට පමණ පෙර පානදුරේදී මරුමුවට පත්වූ සරත් රණවක නමැති පුද්ගලයාගේ මිනීමැරුම සිදු කර තිඛෙන්නේ රක්ෂණ නියෝජිතයින් ආකාරයට නිවසට පැමිණි බව පොලිසිය ඊයේ සොයාගෙන තිඛෙනවා.
මෙම රක්ෂණ නියෝජිතයා මිනීමැරුම සිදු කරන්නට හේතුවී ඇත්තේ ඔහුගේ මගුල් ගෙදර ජයටම ගන්නටය. ඔහුට තිබී ඇති අමුතුම ආශාව මධුසමයට හෙළිකොප්ටරයකින් පිටත් වන්නටය.
ඔක්තෝබර් 30 වනදා පානදුර හෝටලයක ජයටම මගුල් කෑ අරුණ හෙලිකොප්ටරයකින් නුවරඑළියේ මධුසමයට පිටත්වූයේ නෑදෑයන් විශ්මයට පත්කරමිනි. ඔහු ඒ සඳහා රුපියල් 48000 ක් ගෙවූ බව පැවසුණා.
පසුව කතරගම හා අලූත්ගම හෝටල්වලද මධුසමය ගතකරන්නට ඔහු තවත් මුදල් වැයකළ බව කියැවුණා.
ඔහුගේ මධු සමය නිමාකර සතියක් යන්නට මත්තෙන් පොලිසියේ උකුසු ඇස යොමුවී ඔහුගේ මිනීමැරුම කොටු කරගත්තා. දුරකථන ඇමතුම් වලින් හා නැතිවූ රන්භාණ්ඩ ගැන තොරතුරු උකස් ස්ථානවලදී ගැලපීමෙන් මිනීමරුවා කවුදැයි අල්ලාගන්නට පොලිසිය සමත්වුණා. සැකකටයුතු රක්ෂණ නියෝජිතයෙකු ඒ නිවසට නිතර ආගිය බවටද ප්‍රදේශවාසීන් සාක්කි දී තිබුණා.
(13) මිනිමරු අරුණ අත්අඩංගුවට පත්වූ පසු ඔහු කියා සිටියේ තමන් මිනීමැරුම කළ බව පිළිගන්නා බවය. තමන්ට කාලයක සිට හෙළිකොප්ටයකින් මධුසමයට යාමේ ආශාවක් පැවති බවත් එවැන්නක් කළ නොහැකි බවට මිතුරන් අභියෝග කර තිබූ නිසා තමා මිනීමැරුවේ එම අරමුණ සපුරාගන්නට බවත් ඔහු කිව්වා.
මිනීමැරුම් සැකකරුගේ සම්පූර්ණ නම අරුණ සුරේෂ් ද සිල්වාය. වාද්දුව පොතුපිටියේ පදිංචි ඔහු 24 හැවිරිදි අයෙකි.ඔහු කළුතර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.