
ටෙලි නාට්‍ය නළු කංචන කොඩිතුවක්කු මෙතෙක් කල් රහසක් වශයෙන් තබාගත් පෙම් පුවත දැන් අනාවරණයවී අවසන්ය..කංචන කොඩිතුවක්කු ලබන බදාදා (12) විවාහ වන්නට යන්නේ ඔහුගේ පෙම්වතිය ශානිකා සමගය.
වැඩි වියදමක් නැතිව විවාහ උත්සවය පවත්වා, ඒ සඳහා මින් පෙර වෙන් කරගත් මුදල් යුද්ධයේදී දෙපා අහිමිවූ සෙබළුන්ට පරිත්‍යාග කරන්නට ඔහු තීරණය කර තිබේ.
කාංචනගේ රාජකාරී කටයුතු අතරතුරදී හමුවූ ශානිකා මීගමුවේ පදිංචි පුද්ගලික ආයතනයක සේවය කරන්නියකි.
12.12.12 ලෙස දිනය සටහන්වන ලබන බදාදා විශේෂ දිනයක් ලෙස සලකා කංචන හා ශානිකා අතිනත ගන්නේ පවුලේ අය හා ඥාතීන් කිහිපදෙනෙකුට ඇරයුම් ලැබුණු චාම් කුඩා උත්සවයකිනි.
සත්කුළුපව්ව ටෙලි නාට්‍යයේ කංචනගේ හා ගයාත්‍රීගේ පුතුට රගපෑ සචිර (ෂර්ලි පී දෙලංකාවල මහතාගේ පුත්) මේ උත්සවයේ කංචනගේ මල්කුමාරයා වන බවත් වාර්තා වනවා..