Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඇය රමණි සුදර්ශනීය ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවකුත් ඉල්ලලා...

ඉතා අධික මුදලට සුපිරි හෝටල් කාමරවලට ගොස් කලක් තිස්සේ සිට ගණිකා වෘත්තියේ යෙදෙන බවට සැක කරන චිත්‍රපට නිළියක මහනුවර හෝටලයකදී මහනුවර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගැණිනි.

කෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින් පෙනී සිටි එම ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ව්‍යාජ රඟපෑමක නිරත වෙමින් අදාළ නිළිය ගණිකා වෘත්තිය සඳහා යෙදීමට සුදානම් වීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඉතා රහසිගතව ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන බව කියන මෙම කාන්තාව වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස ද කටයුතු කරන බැව් පොලිසිය අනාවරණය කැරගෙන ඇත.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ගනේගම මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කෝට්ටගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ඩී. පරණගම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මේ වැටලීම කළහ.

සැකකාර නිළිය කොළඹ හා මහනුවර ප්‍රදේශවල පදිංචිව සිටින බවට පොලිසියට ප්‍රකාශ කැර ඇති අතර මෑතකදී ඇය විදේශගතව සිට මෙරටට පැමිණි බවද පවසා ඇත.

උපාය දූතයකු ලෙස යෙදවූ උප පොලිස් පරීක්‍ෂකවරයා දුරකථන ඇමතුම් මගින් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස ව්‍යාජ රඟපෑමක නිරත වෙමින් අදාළ නිළිය මහනුවර හෝටලයකට මෙම කෝටිපති ව්‍යාපාරිකයා සමග ගොස් ගණිකා සේවයේ යෙදීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුනා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us