Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුරකලත් මිනී මැරුම් වලින් අඩුවක් නෑ...

කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී උදේ සොයා ගැනුණා.

කැපුම් තුවාල සහිතව මැරී සිටි මොහු ආගස් ප්‍රියන්ත (32) වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

2009දි ඩබ්ලිව් ඒ ආරියවතී නම් කාන්තාවක මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස කීපයක් රිමාන්ඩ් බාරයේ ද තැබීමෙන් පසු සාක්කි නැතැයි නීතිපතිගේ නිර්දේශ අනුව ඔහු මුදා හැර සිටියා.
කොටකෙතන ගැහැණුන් 15ක් අභිරහස් ලෙස මරා දැමීමෙන් පසු පොලීසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුර කරනවා.
මෙම ඝාතනය සදහා ඉතා තියුණු ආයුධ යොදාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ඝාතනයත් සමග කහවත්ත ආශිත ඝාතන සංඛ්‍යාව 16 දක්වා ඉහළ නගින අතර යළිත් වරක් කහවත්ත ජනතාව භීතියෙන් ඇලලී ගොස් සිටිති.

මේසේ ඝාතනයට ලක්වී ඇත්තේ මීට පෙර ඝාතනයට ලක් වූ ආරියවතී නැමති කාන්නාවගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගීන් නිදහස්කර යවන ලද පුද්ගලයකු යැයි ආරංචි පැතිර යමින් පවතී.

ප්‍රියන්ත මරා දමා තිබුණේ කොටකෙතන සිට කිලෝමීටර් 2ක් ඈත පාරක් අසලය.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us