Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සංවේදී සුනාමි විඩියෝ මතකය...

ශ්‍රී ලංකාවේ හතළිස් දහසකට මරු කැඳවූ සුනාමි ව්‍යසනයට අදට (26 වැනිදාට) වසර 8 කි.

මේ නිමිත්තෙන් රට පුරා අනුස්මරණ පිංකම් රැසක් සංවිධානය කර තිබේ.

සුනාමි ව්‍යසනයෙන් මියගිය හා විපතට පත් ජනතාව සිහි කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2005 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරන ජාතික ආපදා දින උළෙල මෙවර බදුල්ල දිස්ත්‍රික්කය මුල්කර ගනිමින් අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ..

විපතට පත් ජනතාව සිහි කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් පළ කරන ලෙස ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
සුනාමියෙන් වැඩිම ජනතාවක් මිය ගිය පැරළිය සුනාමි ස්මාරකය අබියස ද අද විශේෂ පිංකමක් පවත්වනු ලබන අතර 2004 සුනාමියෙන් විනාශ වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අංක 50 (කොළඹ කොටුව - මාතර) දුම්රිය පිළිසකර කිරීමෙන් අනතුරුව එම දුම්රියෙන් පිංකමට මහජනතාව ලබාදෙන පූජා භාණ්ඩ, මල්, සුවඳදුම් ආදියද රැගෙන පැරෑළිය දක්වා ගමන් කරනු ඇත..

මෙම විශේෂ දුම්රිය අද පෙරවරු 6.50 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කොට දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, ඛෙන්තොට ස්ථානවල නවතන බවත් එහිදී පිංකමට දායකවීම සඳහා පූජා භාණ්ඩ දුම්රිය වෙත භාරදීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා පැවසීය.

පැරළියේ අද පැවැත්වෙන සුනාමි සැමරුම හා පුණ්‍ය මහෝත්සවය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති රුහුනු විශ්වවිද්‍යාලයේ උපකුලපති රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යයාය පල්ලත්තර සුමනජෝති හිමියන්ගේ සහ තෙල්වත්ත පුරාණ රන්පත් රජමහා විහාරාධිපති ගාලු - මාතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පිටුවල සුමන, පැරෑලියේ විමල යන නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විඡේලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.

අටවැනි සුනාමි සැමරුමට හා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව විශේෂ පිංකම් හා වැඩසටහන් මාලාවක්ද සංවිධානය කර ඇත. ඊයේ (25 වැනිදා) පැරෑළිය පදුම ගබ්බාරාම විහාරස්ථානයේදී සර්වරාත්‍රික ධර්මදේශනයකි. අද (26 වැනිදා) මහා සංඝයා විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවකි.

රත්ගම ආසනයේ සියලුම විහාරස්ථාන සඳහා ප්ලාස්ටික් පුටු ප්‍රදානය කිරීම පටුවන සීලක්ඛන්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අද සිදු කෙරේ. මීට සමගාමීව හෙට (27 වැනිදා) 9.30 ට මෙම විහාරස්ථානයේදී නැණසල මධ්‍යස්ථානයක් නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘත කරන අතර පාසල් දරුවන් 400 ක් සඳහා පාසල් උපකරණ ප්‍රදානයද මෙදින සිදු කෙරේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us