මාධ්‍යයට සගවා පැවැත්වූ මිස් සෙලින්කෝ VIP තරගයේ අවසන් ප්‍රතිඵල මෙන්න..
කොළඹ ගලධාරී හෝටලයේදී මිස් සෙලින්කෝ VIP කුමරිය ලෙස තේරීපත්වූයේ තාරුකා වන්නිආරච්චිය.
එහි දෙවැනි ස්ථානය ඉරෝෂා අසංකි විසින්ද තෙවැනි ස්‌ථානයත් රුක්‌ෂානි රශ්මි ප්‍රභා විසින්ද හිමිකරගත්තාය.
මෙම තරඟයේ මුල සිටම තිබී ඇත්තේ වංචාවන් වන අතර ජයග්‍රාහිකාවන් තෝරා ඇත්තේ සෙලින්කෝ ආයතනයේ නිළධාරීන් සමඟ තරඟකාරියන් හා ඔවුන්ගේ මව්වරුන්ගේ තිබූ අයථා සබඳතාවලිනි. ඒ පිළිබඳ වැඩි විස්තර හා පලාත් මට්ටමින් පැවති තරඟවලදී ගත් ජායාරූප එකතුවක් ඉහතින්...
මිස් සෙලින්කෝ ලෙස තේරුණු තාරුකා ජනපි‍්‍රය ටෙලි නිළියකි. ඇය මෙම තරගයට ඉදිරිපත්වී ඇත්තේ එහි පළමු ස්ථානය ලබාදෙන බවට සෙලින්කෝ ප‍්‍රධානීන් ලබාදුන් පොරොන්දුවක් මත බවට වාර්තාවේ.
දෙවැනි ස්ථානය හිමීවී ඇති ඉරෝෂා ද සෙලින්කෝ ප‍්‍රධානින් සමග කිට්ටු ඇසුරක් පැවැත්වූ තරගකාරියකි. ගලධාරි හෝටලයේ පැවැති පුහුණුවීම් සදහා ඇය ගෙන එනු ලැබුවේද නැවත ගෙදර ඇරලවනු ලැබුවේද සෙලින්කෝ ප‍්‍රධානීන් විසින් ඔවුන්ගේ මෝටර් රථවලිනි.
තෙවැනි ස්ථානය දිනූ රශ්මි ප‍්‍රභා උතුරු මැද පළාතෙන් තේරී පත්වී ඇත්තේ ව්‍යාජ තොරතුරු සපයමිනි. ඇයගේ නියම පදිංචිය වන්නේ නො.764, රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම ලිපිනයයි. ඇය මේ තරගයට ඉදිරිපත්වීමට අනුරාධපුරයට අදාල ලිපිනයට හැඳුනුම්පත ලබාගෙන ඇත්තේ මේ තරගයේ උතුරු මැද පළාතේ අවසන් තරගයට දින දෙකකට පෙර ඔක්තෝබර් 16 වැනිදාය.
ලක්ෂිකා ශිරන්ති නම් තරුණියක් පළමුවර මෙම තරඟයට ඉදිරිපත් වුනේ වයඹ පළාතෙනි. ඇය කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ පදිංචිකාරියකි. නමුත් පුදුමය නම් එම දිස්ත්‍රික්කයෙන් අවසන් 20 දෙනා අතරටවත් නොතේරුණු ඇය අවසන් වටයට පැමිණියේ ඌව පලාත නියෝජනය කරමිනි.
මාවතගම සෙලින්කෝ වී.අයි.පී. ශාඛාව ප‍්‍රධානියකු සමඟ පැවති අයතා සම්බන්ධකම් ඊට ඉවහල්වී තිබුණි. ඇය එම පලාතේ ජයග්‍රාහිකාව ලෙස රුපියල් දස ලක්ෂයක මුදලක් දිනාගන තිබුණි.
මේ ආකාරයට ව්‍යාජ තොරතුරු වලින් අවසන් වටයට තරග කාරියන් 08 දෙනෙකු පැමිණ තිබුණි. තවත් තරඟකාරියන්ට සෙලින්කෝ ආයතනයේ නිළධාරීන්ගෙන් අයුතු යෝජනාද ලැබුණු බව වාර්තාවේ.
අවසාන තරඟය පැවැත්වූ පෙරේදා දිනය මාධ්‍යට තහනම් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබූ අතර තරඟාවලිය සඳහා මාධ්‍ය අනුග‍්‍රහය දක්වන දිවයින පුවත්පතට පවා මාධ්‍යවේදීන් දෙදෙනෙකුට වැඩියෙන් සම්බන්ධ නොකරන්නැයි උපදෙස් තිබූ බවද පැවසේ.
මාස නවයක් තිස්සේ පළාත් නවයක් නියෝජනය කරමින් තරග වට පවත්වමින් අවසාන තරඟයට 18 දෙනෙකු තෝරාගත් නමුත් අවසන් තරඟය පැවැත්වුණු දා කුමරියන් 22 දෙදෙනෙකු පැමිණීම සම්බන්ධයෙන්ද එහි අභ්‍යන්තර ගැටුම් ඇතිවී තිබුණි.
එක්වරම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එම තරගකාරියන් හා ඔවුන්ගේ මවුවරුන් සෙලින්කෝ ප‍්‍රධානීන් සමග පවත්වන අයථා සම්බන්ධකම් ඉවල්වී තිබුණි.