
මාලිංග ලකුණු හතට කඩුලු හයයි...
ඩැරල් හෙයා හොල්මන මුරලිට යළිත්...
ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ බිග් බැෂ් ටී 20 ක්‍රිකට් තරග ඉතිහාසයට නව වාර්තාවක් එක්කරමින් පර්ත් හී වකා තනතිල්ලේ ඔහු මෙල්බර්න් ස්ටාර් කණ්ඩායමට ක්‍රීඩා කරමින්, පර්ත් ස්කොචර්ස් පිළට එරෙහිව ලකුණු හතක් දී, කඩුලු හයක් දවා ගත්තේය.
මාළිංග ක්‍රීඩා කරන ටී 20 ක්‍රිකට් කණ්ඩායමට ශේන් වෝන්ද ක්‍රීඩා කරමින් කඩුල්ලක් දවා ගත්තේය. ලසිත්ගේ මේ දක්ෂතාවය පිළිබඳ ඕස්ට්‍රේලියා ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් මහා ඉහළින් කතා කරති.
ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලු ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ද ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ටී 20 ක්‍රිකට් තරග සඳහා සහභාගී වන්නේ ය. තමන්ගේ දුස්රා පන්දු යැවීම පිළිබඳව ඕසට්‍රේලියා ටෙස්ට් පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්, මුරලි දැනුවත් කරන බව වාර්තා වේ.
එහෙත් එවැනි පන්දු යැවීමක් කළ යුත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ පිළිගත් නීතිරීති වලට අනුව බැව් ඕස්ට්‍රේලියාවේ තේරීම් කමිටු සභාපති පවසයි. ඉන්දියාව, පාකිස්තානය සහ බංගලිදේශ ක්‍රීඩකයන් දුස්රා පන්දු යැවීමේ යෙදෙන බව මුරලි ඕස්ට්‍රේලියා මාධ්‍යයට පවසා ඇත. සමහර ඕස්ට්‍රේලියා මාධ්‍යවේදීන් පවසන්නේ මෙවරද මුරලිට එරෙහිව ඩැරල් හෙයා සොවනැල්ල හොල්මන් කිරීමට ඉඩ ඇති බවයි.
මාලිංගගේ වාර්තාගත පන්දු යැවීමේ වීඩියෝව පහතින්
ලසිත් මාලිංගගේ මෙම පන්දු යැවීම 20-20 තරගාවලී අතර දෙවැනියට හොඳම පන්දු යැවීම ලෙස සටහන් වෙනවා.
මින් ඉහත එංගලන්ත කණ්ඩායමේ අරුල් සුපියා 2011දී ලකුණු 5 කට කඩුළු 6 ක් ලබාගනිමින් 20-20 හොඳම පන්දු යැවීම වාර්තා කර තිබුණා. එමෙන්ම අජන්ත මෙන්ඩිස් පසුගිය සැප්තැම්බරයේ සිම්බාබ්වේට එරෙහිව ලබාගත් ලකුණු 8 ට කඩුළු 6 ක වාර්තාව මේ අනුව තෙවැනි තැනට පත්වුණා.
එම වාර්තා බලන්න
