Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ප්‍රශ්නෙ ලස්සණට හැන්ඩ්ල් කළා කිය කිය රොෂාන් මට අන්තර්ජාලයෙන් මඩ ගහනවා

ඇතුළේ ප්‍රශ්න තියාගෙන බොරුවට පිටට පේන්න විතරක් පවුල් කන්න මට බැහැ

අපේ පෙම අතරට කාලෙන් කාලෙට තුන්වන පාර්ශ්ව ඕනතරම් ඇවිත් තිබ්බා

රොෂාන් එක්ක හිටිය අවු.7 න් ඉතිරි වුනේ කලකිරීම විතරයි
-චතුරිකා  පීරිස් උත්තර දෙයි

ජනප්‍රිය ටෙලි නළුනිළි දෙපළක වන චතුරිකා පීරිස් හා රොෂාන් පිලපිටියගේ ආදර අන්දරය කාලයක් තිස්සේ බොහෝ දෙනෙකු අතර පචලිත මෙන්ම ජනප්‍රිය මාතෘකාවක්ව තිබුනා නමුත් පසුගිය සතියේ අපට වාර්තා වුනේ
මේ දෙපලගේ පෙම් සබඳතාවයට නැවතීමේ තිත තැබූ බවට වූ පුවතකුයිපසුගිය කාලය පුරාවටම රොෂාන් චතුරිකා විවාහය ගැන මාධ්‍ය ඔවුන් දෙදෙනාගෙන්ම විමසා තිබුන අතර ඒ දිනවල ඔවුන් පැවසුවේ නුදුරේදීම විවාහ වන බවයි ඒ දිනවල ඔවුන්ගේ විවාහය ප්‍රමාද වීම ගැන මාධ්‍ය ඔස්සේ නොයෙක් කට කතා පැතිරී තිබුනද ඔවුන් සියල්ල ප්‍රතික්ෂේප කර තිබුනා කොහොම නමුත් රොෂාන් චතුරිකා ආදර කතාව දැන් අවසන් මේ ගැන රොෂාන් මාධ්‍ය වෙත පවසා තිබුනේ ඉතාම වැදගත් හා සාමකාමී ආකාරයට ප්‍රශ්න විසඳාගෙන චතුරිකාගෙන් වෙන්වුණ බවය.

ඔහු පවසන්නේ තමාත් චතුරිකාත් අතර තිබූ සම්බන්ධය බිඳී යාමට හේතුව ඔවුන් අතරට තුන්වැන්නෙකුගේ ආගමනයක් සිදුවීම බවයි’පසුව කල සොයා බැලීම් වලදී අපට දැනගන්නට ලැබුනේ රොෂාන් පවසන මේ තුන්වැන්නා ජනපි්‍රය නලූ ගයාන් වික්‍රමතිලක බවයි

ගයාන් විවාහ වී මේ වන විට වසර හතක් ගතවන අතර ඔහු අවුරුදු 6 ක හා මාස අටක දරු දෙදෙනෙකුගේ පියෙකු ද වනවා රොෂාන් චතුරිකා පෙම බිඳ වැටීම තටු ලැබුන පුවතක් බවට පත් වෙද්දී ගයාන් ප්‍රකාශ කර සිටියේ තමාත් චතුරිකාත් ඉතා හොඳ මිතුරන් බවත් ඉන් ඔබ්බට ගිය සබඳතාවක් නොමැති බවත්ය තමාගේ පවුල් ජීවිතයේ මේ වන විට ප්‍රශ්න කිහිපයක් ඇති මුත් මෙම සිදුවීමට තමා ඈඳා ප්‍රචාර ගෙන යන්නේ කිසියම් කුමන්ත්‍රණකාරී පිරිසක් බවයි ඔහු පවසන්නේ

ඔය අතර තුර චතුරිකා පීරිස්ද මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ රොෂාන් පවසන ආකාරයේ කිසිදු සම්බන්ධයක් තමාත් ගයානුත් අතර නැති බවයි රොෂාන් හා තමා අතර තිබූ අවු7ක සබඳතාව අතර තුර ඔවුන් අතරට තුන්වැන්නන් ඕනෑ තරම් පැමිණ ඇති බවත් රොෂාන් තමා ගැන අන්තර් ජාලය හරහා මඩ ප්‍රචාරයක් ගෙන යන බවත් ඇය කියනවා ඇය මෙම අදහස් පලකොට තිබුනේ ලක්බිම පුවත් පත සමග සිදුකරන ලද සාකච්ඡාවකදීය එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් බලන්න

ඔබ සහ රොෂාන් පිලපිටිය අතර ප්‍රේම සම්බන්ධය කලා ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි, මුළු රටේම පාහේ ජනතාව අතරේ ප්‍රසිද්ධ කාරණයක්. නමුත් ඒ සම්බන්ධය බිඳී ගොස් ඇති බවට දැන් තොරතුරු පැතිර යනවා. ඒ ආරංචිය ඇත්තක්ද?
ඔව්, ඒක ඇත්ත. නමුත් ඒකට හේතුව රොෂාන් අන්තර්ජාලයේ සඳහන් කරලා තියෙන විදිහේ තුන්වැනි පාර්ශ්වයක බලපෑමක් නිසා නම් නෙමෙයි.

එහෙනම් ඇත්තටම සිදුවුණේ මොකක්ද?
රොෂාන්ගෙයි මගෙයි සම්බන්ධය ඇතිවෙලා දැන් අවුරුදු 9ක් වෙනවා. අපි විවාහ ගිවිසගෙන දැන් අවුරුදු 7ක කාලයක් ගතවෙලා. ඒ අතරතුරේ නොයෙක් නොගැළපීම් නිසා විවිධ අවස්ථාවලදී අපේ සම්බන්ධය ඇතිවෙලා නැතිවෙලා තියෙනවා.

දුරින් හිටපු අය නොදන්නවා වුණත් කලා ක්ෂේත්‍රයේ ළගින් හිටපු ගොඩක් අය අපි වෙන්වුණ බව දන්නවා. දැන් මම ඉන්නේ මගේ දෙමවුපියන්ගේ ගෙදරයි. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 11ක් වෙනවා. රොෂාන් ඇවිල්ලා අවුරුදු 22ක් විතර වෙනවා. ඉතින් ක්ෂේත්‍රයේ අය හොඳට අඳුරනව මම කවුද රොෂාන් කවුද කියලා. මේ විදියට වෙන්වුණු එක ගැන ක්ෂේත්‍රයේ අයත්, ළ`ගම හිතවතුනුත් මට ආශිර්වාද කරනවා. නමුත් මේ කාරණා හරියට නොදැන, පිට සමාජයේ අය මේ ගැන මට විවිධ දේවල් කියනවා ඇති. ඒත් ඇතුළේ ප්‍රශ්න තියාගෙන බොරුවට පිටට පේන්න විතරක් පවුල් කන්න මට බැහැ.

එතකොට ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක සහ ඔබ අතර සම්බන්ධයක් නිසා ඔබේත් රොෂාන්ගේත් සම්බන්ධය බිඳවැටුණා කියලා රොෂාන් කියන කතාව බොරුවක්ද?
ඔව්. මේ සිද්ධිය ගැන රොෂාන් අන්තර්ජාලයේ අදහස් පළකරලා තිබුණට පස්සේ මම ඒ තුන්වැනි පාර්ශ්වයට දුරකථනයෙන් කතා කරලා ඇහුවා ඔයගොල්ලන්ගේ පවුල් ජීවිතය බිඳවැටෙනවා නම් එහෙම වෙන්නේ මම නිසාද කියලා. එතකොට ඔහු කිව්වා මම නිසා නෙමෙයි ඒ දෙන්නා අතරේ තිබුණු විවිධ ප්‍රශ්න නිසයි එහෙම වෙලා තියෙන්නේ කියලා.

අපේ සංස්කෘතියට අනුව කතාවක් තියනවනේ ගෙයි ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ගෙට ගන්න එපා’ කියලා. මම නම් හැමදාම මගේ ප්‍රශ්න ගෙදර බිත්ති හතර ඇතුළෙමයි තියාගත්තේ. රොෂාන් ගැන කියනවා නම් මට කියන්න තුන්වැනි පාර්ශ්වයන් ඕනෑතරම් තිබුණා. ඒත් මම ඒවා මගේ වාසියකට අරගෙන මාධ්‍යයට කියලා අනුකම්පාවක්, කරුණාවක් ලබාගන්න කවදාවත් උත්සාහ කළේ නැහැ. ඒ වගේම මම ඉදිරියටත් ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

නමුත් රොෂාන්ගේ ප්‍රකාශය නිසා ජනතාව අතරට ගියේ වෙනස්ම කතාවක්?
ඔව්. මීට කලිනුත් කිහිප වතාවක්ම අපේ සම්බන්ධය බිඳුණු අවස්ථාවල අපේ මවුපියෝ මැදිහත් වෙලා තමයි ඒ ප්‍රශ්න නිරාකරණය කෙරුවේ. පසුගිය පෙබරවාරි මාසෙදීත් ඒ වගේ සිද්ධියක් ඇතිවුණා. එතකොටත් ඒ ප්‍රශ්නෙට ඔය තුන්වැනි පාර්ශ්වයක නමක් ගෑවිලාවත් තිබුණේ නැහැ.
ක්ෂේත්‍රයේ තියෙන දැන හැඳුනුම්කම්වලට අනුව ඔහුත් මමත් මිත්‍රයන් පමණයි.

මම රගපාන චරිත සහ වටපිටාවත් එක්ක මට චෝදනා එල්ල කරන්න තියෙන අවස්ථා ඉතා අඩුයි. එනිසා මට සුළු හෝ චෝදනාවක් එල්ල කරන්න පුළුවන් අවස්ථාවක් බලාගෙනයි රොෂාන් ඉඳලා තියෙන්නේ. ඔහුත් එක්ක ගතකරපු අවුරුදු හතක කාලයේදී අන්තිමට මට ඉතිරි වෙලා තියෙන්නේ කලකිරීමක් විතරයි. මට හිතාගන්න බැරි එක එස්.එම්.එස්. පණිවුඩයකින් මම මේ තරම් සමීපව ඇසුරු කරපු කෙනා මේ විදියට වෙනස් වුණේ කොහොම කියලයි.

ඔබ දෙදෙනාම එක් එක් මාධ්‍යයන් හරහා තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳ මේ විදියට අදහස් ප්‍රකාශ කරද්දී ප්‍රේක්ෂකයන්, එය මොන විදියට බාරගනියිද? මේ පැතිර යන ආරංචි ඔබ දෙදෙනාටම කැළලක් බව සිතෙන්නේ නැද්ද?
කාලයත් එක්ක මේ හැම දෙයක්ම විසඳේවි. තමුන් කරපු දේවල්වල, පව්වල පළවිපාක විඳවන්න වෙන්නේ තමුන්ටමයි. රොෂාන් කරපු කර්මයක් තියෙනවා නම් එයාට විඳවන්න වෙයි. මම කරපු දෙයක් තියෙනවා නම් ඒකේ විපාක මට ලැබේවි. රොෂාන් කියලා තියෙනවා එයා මෛත්‍රී කරනවා කියලා. නමුත් ඒක බොරුවක්. එයා එහෙම කරනවා නම් මං ගැන මේවගේ බොරු කතා අන්තර්ජාලයේ පතුරවන්නේ නැහැනේ.

ඒ වගේම එයා කියලා තියෙනවා එයා මට ගරු කරනවා කියලා. ඔව්. එයාගේ ගෞරවය මට හිමිවෙන්න ඕන ඇති. ඉදිරියේදී මාත් එක්ක වැඩ කරන්න කැමතියි කියලත් එයා කියලා තියෙනවා. ඒත් මම නම් එයත් එක්ක ආයේ එකට වැඩ කරනවද කියන කාරණය දෙපාරක් හිතලා බලනවා. කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න, මේ සිද්ධිය එයා ලස්සනට හැන්ඩ්ල්  කළා කියලා තිබුණට ඇත්තටම අපිට අනවශ්‍ය විදියට ආවේගශීලී වෙන්න නොදී මාව ඒ අය ළ`ගට ගන්න තීරණය ගත්තේ මගේ දෙමව්පියෝ. කොහොම වුණත් මං ගැන මේ විදිහේ මඩ ප්‍රචාර ගෙන ගියා කියලා මගේ හිතේ නම් කිසිම තරහවක්, වෛරයක් නැහැ.

ලක්බිම පුවත්පත
ලිපිය -කිෂාන් කනංකෙ

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us