Update(5) 12/24/2012 20:49 PM
ත්‍රිත්ව ඝාතනයකින් කෙළවරවූ රත්මලාන සැමියාගේ අනියම් හුටපටයට මුල FACE BOOK එකලූ...
අද කාලයේ පෙම් පටලැවිලි බොහොමයකට ෆේස් බුක් කොහෙන් හෝ ගෑවී ඇත.
රත්මලාන බිරිය හා දරු දෙදෙනා ඝාතනය කළ සැමියාගේ අනියම් පටලැවිල්ලටද මුල්ව ඇත්තේ ෆේස් බුක් බව දැන් වාර්තා වනවා.
තරුණියක සමග පවතින සම්බන්ධය නිසා සිය බිරිය හා දරු දෙදෙනා මරා දමා තරුණියගේ පාර්ශ්වයටද රැවටිලි කර විවාහ වන්නට සැලසුම් සකස් කළ මධුරංග ද සිල්වා නමැති සැකකරු එම 21 හැවිරිදි තරුණිය මුල්වරට මුණගැසුනේ ඇය සහභාගීවූ ප්‍රංශ පංතියකදී බව අප පසුගිය සතියේදී වාර්තා කළා.
දැන් වාර්තාවන්නේ එම පන්තියට ගොස් සැකකරු ඇය හමුව ඇත්තේ ෆේස් බුක් ඔස්සේ ඇය හා ආරම්භ කර තිබූ හිතවත්කමකින් අනතුරුව බවයි.
මාරවිල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ජර්මන් භාෂාව උගන්වමින් සිටි විසි එක් හැවිරිදි තරුණ ගුරුවරියගේ ෆේස් බුක් මිතුරෙකු බවට අහම්ඛෙන් පත්ව තිඛෙන මධුරංග ඇයගේ ෆේස් බුක් ඡායාරූප ගැලරිය දැක ඇය කෙරෙහි ආකර්ෂණයක් ඇති කරගෙන තිඛෙනවා.
ෆේස් බුක් හි තමන්ගේ විස්තර හගවන ස්ථනයේ මධුරංග සටහන් කර තිබී ඇත්තේ තමන් අවිවාහකයෙකු බවයි. ඇයද තවමත් අවිවාහක බව ඇයගේ විස්තර වලින් දැන සිටි ඔහු ඇය සමග වරින්වර චැට් කරමින් තොරතුරු විමසා තිඛෙන බවත් වාර්තා වනවා.
කොළඹ එන්නේ කවර දවස්වලදැයි ඇගෙන් ඔහු විමසා තිඛෙන අතර ප්‍රංශ පන්තියකට සති අන්තයේ කොළඹ එන බව ඇය දන්වා තිඛෙනවා. ඇයගේ පන්තිය කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ තිඛෙන බව කීමෙන් පසු මධුරංග පවසා ඇත්තේ,
මාත් ක්ලාස් එකකට යනවනේ ඒ කිට්ටුවම...මට ඔයාගෙ ක්ලාස් එක ගාවට එන්න පුළුවන්...ඔයා කොළඹ එන දවසක අපි හම්බ වෙලාම කථා කරමු යනුවෙනි.
ෆේස් බුක් මගින් හඳුනා ගැනීමෙන් පසු ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා පැමිණෙන ටොරින්ටන් හි පිහිටි ප්‍රංශ භාෂා පුහුණු ආයතනයට ගොස් මධුරංග ඇයව මුල්වරට හමුවී ඇත.අනතුරුව වරින්වර ඇයව සිය වාහනයේ නංවාගෙන ගමන් බිමන් එක්ක ගිය ඔහු තමන් විවාහක එක් පියෙකු බව නොහගවන්නට හැමවිටම කටයුතු කර තිඛෙනවා.
ඔවුන් අතර නිරන්තරයෙන්ම SMS පණිවිඩ හා දුරකථන ඇමතුම්ද හුවමාරුවී තිඛෙනවා.
මේ සියලූ සබඳකම් ඇරඹී ඇත්තේ ඔහුගේ බිරියට දෙවන දරුවා ලැඛෙන්නට සූදානමින් ගැබණියකව සිටි කාලයේය. ඔහු තරුණියට විවාහ යෝජනාව ගෙනවිත් ඇත්තේ දරුවා උපදින්නට දින නියම කර තිබූ දිනවලමය. ඒ අනුව ඇය හා විවාහ වන්නට සූදානමින් කළුතර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කුලියට මවක හා පියෙකුද සොයාගෙන තරුණියගේ පාර්ශ්වය රවටන්නට සැලසුම සකස් කළ ඔහු මිනීමැරීම් සිදු කර තිබුණා.
ඉබේ හටගත් ගින්නක් නිසා තිදෙනා මියගිය බව කියන්නට හැදුවත් වැඩේ වැරදුණ නිසා මධුරංගගේ සැලසුම් සියල්ල අසාර්ථක වුණා.මධුරංගගේ විවාහක බිරිය වන මියගිය සචේතනා සඳමාලි සමග ඔහු විවාහවී ඇත්තේද වසර තුනක පෙම් සබඳතාවයකින් අනතුරුවය.2003 සිට 2006 දක්වා පැවති බව කියන එම සබඳතාවයට දෙපැත්තේම ආශිර්වාදය ලැබුණ බවත් උගත් වැදගත් රැකියාවක නියුතු මධුරංග මේ ආකාරයේ පුද්ගලයෙකු යයි සචේතනාගේ ඥාතීන් ඒ දිනවල කල්පණා නොකළ බවත් පැවසුණා.
මියගිය පාසල් ගුරුවරිය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නාවල විවෘත විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගුරුපත්වීම ලබා පළමු පත්වීම යටියන්තොට පාසලකත් ඉන්පසු මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයටත් ස්ථාන මාරුවක්ලබාගෙන සිටි බව වාර්තාවනවා.
සැකකාර සැමියා අම්බලන්ගොඩ ප්‍රධාන පාසලකින් පහ වසර ශිෂ්‍යත්වය සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ප්‍රධාන පාසලකට ඇතුළත් වී අධ්‍යාපනය හදාරා ඇති බව හෙළිවනවා. ඔහුව අරන් හදාගත් බව කියන දෙමාපියන් අම්බලන්ගොඩ සිට කොළඹ රත්මලානේ නිවසකට සංක්‍රමණයවී ඇත්තේ තම පුතුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.
මධුරංග ඔහුගේ බිරිය සහ දරුදෙදෙනා ඝාතනය කිරීමට සති දෙකකට පෙර සේවය කළ ඇගළුම් ආයතනයෙන් ඉවත්වී තිඛෙන්නේ පුද්ගලික හේතු සඳහන් කරමිනි. අලූත් බිරිය සමග ටික කාලයක් විදේශ ගතවන්නටත් ඔහුගේ සැලසුමක් තිබී ඇත.
ඒ වනවිට මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපක් ඔහු ලබමින් සිටි බවත් ආයතනයේ විධායක ශ්‍රේණියක සිටි දක්ෂ නිලධාරියෙකුවූ ඔහු මෙවැන්නක් සිදු කරාවි යයි සේවකයින්ටද විශ්වාස කරන්නට අපහසු වූ බවත් වාර්තා වනවා.
ඔහු පිළිබඳ තවත් කරුණු සොයන්නට පොලිසිය කටයුතු කරන අතර වැඩිදුර විභාගය ලබන මස මුල අධිකරණයේදී සිදු කරන තෙක් ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තිඛෙනවා.
මධුර ද සිල්වා
රත්මලාන ත්‍රිත්ව ඝාතනය ගැන පෙර ලිපි
මව හා දරු දෙදෙන ඝාතනය..