Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS


ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා යළිත් වරක් ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල්ගතකොට ඇති බව වාර්තාවේ.

ඔහු එසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ   (22) අළුයම් කාලයේදී කොළඹ කාමර් නමැති රාත්‍රී සමාජ ශාලාවේදී බවයි පැවසෙන්නේ.

ඒදින රාත්‍රියේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවති හිරු නාලිකාව විසින් සංවිධානය කල හිරු මෙගා බ්ලාස්ට් ප්‍රංසගයට සහභාගීවී
ගායන ශිල්පී චලක චමුපති හා හිරු රූපවාහිනී නාලිකාවේ විරාජ් වැලිවත්ත යන අයද සමගින් අමල් පෙරේරා එම සමාජශාලාව වෙත ගොස් ඇති අතර ඔහු ඇතිකරගත් ආරවුල් තත්ත්වයක් හේතුවෙන් තරුණයින් පිරිසකගෙන් හා සමාජ ශාලාවේම ආරක්ෂකයින්ගෙන් මෙසේ පහරකෑමට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

අමල් පෙරේරා ස්වභාවයෙන්ම කලහකාරී චරිතයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අතර ඔහුගේ පියාවූ අසහාය ගායන ශිල්පී මර්වින් පෙරේරා මහතාගේ චරිතයටද අමල් පෙරේරා හැසිරෙන ආකාරයෙන් කැළලක් එල්ලන බවයි බොහෝ දෙනා පවසන්නේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us