Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවක බව කියන නිරෝෂා විමලරත්න (ඩිලානි) පසුගිය කාලයේදී සිය දෙමාපියන් සම්බන්ධයෙන් මාධ්‍යට පවසා ඇත්තේ අසත්‍ය තොරතුරු බව හෙළිවී තිබේ.

ඇය පවසන පරිදි ඇගේ මව ඉන්දියානු ජාතික කාන්තාවක් හෝ ඇගේ පියා ඉරාන ජාතිකයෙකු නොවන බව මේවන විට තහවුරුවී ඇත.

ඇය විසින් එන් 3897790 දරණ විදෙස් ගමන් බලපත‍්‍රය ලබා ගැනීමට ඉදිරිපත්කර ඇති උප්පැන්න සහතිකයට අනුව ඇයගේ පියා රත්නායක මුදියන්සේලාගේ විමලරත්නය, මව වික‍්‍රමමුදියන්සේලාගේ ශී‍්‍රයානි වික‍්‍රමසිංහය.
ඇය එම විදෙස් ගමන් බලපත‍්‍රය ලබාගෙන ඇත්තේ ගෘහ සේවිකාවක් ලෙස සේවයට යාමටය.
තවද ඇය කිසිදු දිනක විදෙස්ගවී නොමැති බවද ආගමන විගමන දත්ත අනුව හෙලිවී තිබේ.

එසේම ඇය අධ්‍යාපනය ලැබූ දන්තුරේ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වන ඩබ්ලිව්. ගල්අංග මහතාට අනුව ඇය පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපනය ලබා ඇත්තේ එම විදුහලෙන් බව තහවුරුකර තිබේ.

එසේම ඇය එම විදුහලට ඇතුළත්කිරීමට ඉදිරිපත් කර ඇත්තේ ද අදාල උප්පැන්න සහතිකය වේ.
එසේම ඇය උපන්දා සිට ජීවත්වී ඇත්තේ දන්තුරේ බව යටි නුවර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම් ඩී.ජී.සී. ජයතුංග මහතා තහවුරුකර ඇත.

නිරෝෂාට ප‍්‍රදිප් චාමර විමලරත්න නම් සහෝදරයෙක්ද, කි‍්‍රෂානි විමලරත්න නැමැති නම් සහෝදරියක්ද සිටින බව ජයතුංග මහතා තහවුරුකර තිබේ.

ඇයට ඉරාණ ජාතික පෙම්වතෙක් සිටින බව පසුගිය කාලයේදී පවසා තිබුණද ඇය විවාහක කාන්තාවක් බද මේවනවිට හෙලිවී ඇත.නිරෝෂා විවාහවී ඇත්තේ 2012 අපේ‍්‍රල් 05 වැනිදාය.

ඇගේ විවාහය ලිංයාපදිංචිකර ඇත්තේ උඩ පළාතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජී.එම්.ජී.අයි. කුමාරි මහත්මිය ඉදිරියේදීය.

නිරෝෂා එහිදී විවාහවී ඇත්තේ සුන්දර රාජා රොයිස් නිලන්ත නැමැති අයෙක් සමගය.
එම විවාහ තොරතුරු අනුව ඇගේ ස්වාමියා රියදුරෙකි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us