ගුවන් සේවිකව තවමත් ජිවතුන් අතරලු...
ගුවන් යානයේ සිටි කිහිප දෙනෙක් බෙරගත්තලූ ...
තමන්ගේ දුව දර්ශනී මෙලෙස අතුරුදහන් වීම ගැන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රන්ජිත් ගුණසේකර මහතා අදහස් දක්වයි..
එල්.ටී.ටී.ඊ. මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ මළ සිරුරු ගොඩගැනීමේ කටයුතු (09 වැනිදා) පෙරවරුවේ කිලිනොච්චි දිසා විනිසුරු එම්. එල්. වහබ්ඩීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරීන් කවුදාරිමුණෙයි ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.
1998 සැප්තැම්බර් මස 29 වැනිදා ලයන් එයාර් සමාගමට අයත් ඇන්ටනොව් 24 වර්ගයේ ගුවන් යානයක් එහි ගමන්ගත් කාර්ය
මණ්‌ඩලයද ඇතුළු මගීන් පනස් පස් දෙනකු සමග එල්.ටී.ටී.ඊ. මිසයිල ප්‍රහාර හමුවේ මහ මුහුදට කඩා වැටිණි.
දින කිහිපයකට පසුව මළ සිරුරු තිස්‌එකක් පුනරීන් පළාතේ මුහුදු වෙරළට වරින් වර ගොඩ ගැසූ අතර එම මළ සිරුරු එල්.ටී.ටී.ඊ. ය හා සාමාන්‍ය වැසියන් විසින් කවුදාරිමුණේ ප්‍රදේශයේ ස්‌ථාන තුනක වළලා ඇත.
මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු 2011-06-13 දින යාපනයේ මනිපායි ප්‍රදේශයේදී යුද හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලයන් එයාර් ගුවන් යානයට පහරදීමේ සිද්ධිය හා මළ සිරුරු වැළලීමේ සිද්ධිය හමුදාවට හෙළි කර තිබේ.
ඔහුගෙන් ලැබුණ තොරතුරු අනුව කවුදාරිමුණේ වෙරළ තීරයේ වර්ග කිලෝ මීටර් දෙකක භූමි ප්‍රදේශයක ස්‌ථාන තුනක් ආරක්‌ෂක අංශ විසින් හඳුනාගෙන ඇති අතර එම ස්‌ථානවල වළ දැමූවේ යෑයි කියන මළ සිරුරු ගොඩගැනීමේ කටයුතු (09 වැනිදා) උදෑසන ආරම්භ වුවත් පස්‌වරු 1.00 ට පමණ වන තුරුත් කිසිදු මළ සිරුරක් හමුවී නොතිබිණි.
රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, හමුදාව, පොලිසිය හා සෙසු ආරක්‌ෂක අංශ අන්තර් ජාතික සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මළ සිරුරු ගොඩ ගන්නා ආකාරය දැක ගැනීම සඳහා පුනරීන් ප්‍රදේශයට පැමිණ සිටිති.
රන්ජිත් ගුණසේකර මහතාගේ ප්‍රකාශය පහතින් නරබන්න Live@8 10/12/2012