Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අපේ ඇතැම් දේශපාලනඥයන්ගේ මානසික තත්වය ඉතා පහත් තත්වයකට වැටිලා..

ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි මේ ළඟදී කියා තිබුණා...

මේක කාන්තාවන්ට කරන අපහාසයක්...
මේකටද ජනතාව ඡන්දෙ දුන්නෙ...

ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන ගීතාගේ අදහස

‘‘අපේ ඇතැම් දේශපාලනඥයන්ගේ මානසික තත්ත්වය ඉතා පහත් තත්ත්වයකට වැටිලා. ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි මේ ළඟදී කියා තිබුණා.
මේක කාන්තාවන්ට කරන අපහාසයක්. මේකටද ජනතාව මේ අයට ඡන්දෙ දුන්නෙ. අපේ රටේ ජනතාව බෞද්ධ, ඉස්ලාම්, කි‍්‍රස්තියානි ආගම්වලට අනුව යහපත් සංස්කෘතියකින් ජීවත් වුණාත් මේ කතාව ඒ සංස්කෘතියට මරු පහරක් නේද? අපේ කාන්තාවන් මදිනම් පිටරටිනුත් ගේන්න යැයි ප‍්‍රකාශ කර තිබුණා.’’

බෙන්තර – ඇල්පිටිය ශී‍්‍ර ල.නි.ප. සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය මේ කියා සිටියේ ‘එක ගමකට එක වැඩක් ’ යටතේ තුන්දුව මාතෘ නිවාසය පිළිසකර කොට ජනතා අයිතියට පැවරීමෙන් පසු පැවැති ජනහමුව අමතමිනි.

‘මේ රටේ රජුන් තනන්නේ කාන්තාවනුයි. අද මේ මාතෘ නිවාස ඉදි කළේත් කාන්තාවන්ටයි. අපේ රටේ වැඩිපුර ඡන්ද දෙන්නෙත් ඔවුනුයි. මහින්ද ච්න්තනය යටතේ ඇල්පිටිය, කහදුව, කැටපොළ, සූරියගම, තුන්දුව මාතෘ නිවාස හැදුවා. මේ වැසිකිළිවලට වතුර නැහැ. මම කිව්වොත් කියන දේ කරන කෙනෙක්. රජයෙන් බැරි වුණොත් මගේ අතින් වියදම් කරලි මේකට වතුර දෙනවා. රූපවාහියක් දෙනවා. පුටු දෙනවා.’

සවුදි ආරාබියට ගිය අපේ සහෝදරියන් බරපතළ ගැටලූවලට මැදිවෙලා. සමහරු මැරිලා. තවත් අය කඳවුරුවල දුක් විඳිනවා. මේවාට විසඳුම් දීමට නොහැකි නම් අපේ දේශපාලනයෙන් වැඩක් නැහැ. මට මවක් පැමිණ කීවා දුව දිවි නසාගෙනලූ. දැන් දින දෙකක්ලූ. මිනියවත් නැතිලූ. මට කොහේ හරි ගිහින් නිවාඩුවක් ගතකරනවට වඩා වටිනවා මේ ගැන ගිහින් සොයා බලන එක.

මේ දුව මරා දමලාද, ස්වභාවික මරණයක්දැයි සොයා බැලිය යුතු යැයි මම රජයට කියනවා. මේ මිනිස්සුන්ට මිනියෙ වැඩ කරගන්නවත් මුදල් නැහැ. රට යන්නෙත් ණය වෙලා. රජය වහාම මැදිහත් වී මේ ගැන සොයා බැලිය යුතුයි.’ යයිද ඇය එහිදී කීවාය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us