-ගයාන් වික්‍රමතිලකගෙන් පිළිතුරක්
නමගිය ටෙලි නාට්‍ය ශිල්පීන් දෙපළක වන චතුරිකා හා රොෂාන්ගේ ප්‍රසිද්ධ සම්බන්ධය තුන්වැන්නෙකු නිසා බිඳීගිය ආකාරය පසුගිය සතියේ අප හෙළිදරව් කළා. අපට අදහස් පළ කර තිබූ රොෂාන් පිලපිටිය කියන ආකාරයේ සම්බන්ධයක් තමා හා චතුරිකා අතර තවම ආරම්භවී නැති බව එම සිද්ධියේ තුන්වැන්නා වූ ටෙලි නළු ගයාන් වික්‍රමතිලක කියා සිටිනවා.
ඔහු කියා සිටින්නේ මේ ගැටලූව ඇතිවූයේ
කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බවය. තමා දරුවන් අතහැර යන්නට සිතන පියෙකු නොවන බවත් දරුවන්ට තවමත් අසීමිත ලෙස ආදරය කරන තමාට අභූත චෝදනා එල්ල කර නිවසේ ගැටලූවක් නිර්මාණය කරන්නට මේ ප්‍රශ්නය හේතුවූ පසු තමාගේම නිවසින් තමන් පන්නා දමන තැනට වැඩ සිද්ධවූ බවත් ඔහු කියනවා.
මේ ගැන ඔහු අප වෙත දැක්වූ අදහස් මෙසේය.
ඔය ප්‍රශ්න වුනේ..වටේ ඉන්න කීපදෙනෙක් නිසා..ඒගොල්ලො අපි දෙන්න අතරෙ අෆයාර් එකක් තියනව කියල හිතන්න ඇති.ඒකට හේතුව මොකක්ද කියල මම දන්නෙ නෑ.
චතුරිකා ෂූටින් ආවෙ නැත්නම් මං මැසේජ් එකක් දාල අහනව ඇයි ආවෙ නැත්තෙ කියල.ඔය වගේ හිතවත්කමක් අපි අතරෙ තිබුණා.මං යවපු ඒවගේ මැසේජ් එකක් දැකල තමයි ප්‍රශ්නෙ ඇතිවුනේ. කීපදෙනෙක් එක්ක අපේ ගෙදර ගිහින් බිරිඳට ඒක පෙන්නල මෙගොල්ලො ප්ලෑන් කරල තිබ්බ ෂූටින් ඉවරවෙල මං ගෙදර එන වෙලාවට ඒ ගොල්ලොත් ගෙදට්ට ඇවිල්ල..
එදා එතනට චතුරිකාත් එක්කරගෙන ඇවිල්ල තිබ්බා. එතැනදි කථාබහක් ඇති වුණා.මෙහෙම දෙයක් නෑ..වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා කිව්වා..ඒත් ඒක තේරුම් කරන්න අවස්ථාවක් මට ඒගොල්ලො දුන්නෙ නෑ.අන්තිමට මගේ ගෙදරින් මටම යන්න කිව්වා.අපි අතරෙ කොහොමත් නොයෙක් ගැටලූ විවාහ ජීවිතේ තිබ්බ.
මම වෙන යාළුවෙක්ගෙ ගෙදර තමා දැන් ඉන්නෙ. මේක ඇවිල්ල සම්පූර්ණ කුමන්ත්‍රණයක්. දවස් දෙකතුනක් ඒගොල්ලො එකතුවෙල මට චෝදනා කතන්දර හැදුවා.
මට චතුරිකා එක්ක සම්බන්ධයක් තියනව තමයි...ඒ සම්බන්ධය යාළුකමක්..ඒක ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි. ඔය මනුස්සයගෙ මොළේ මොකක්හරි කොටසක් අඩුවෙන්නැති නැත්නම් චතුරිකා එක්ක මගේ සම්බන්ධයක් තියනව..ළමයි දෙන්න ගැන දුකයි..කියනවද?. මේ ගොල්ලොන්ට ඕන එහෙම දෙයක් ගැන සමාජයේ කතාබහක් ඇති කරන්න..
දැනටනං එහෙම දෙයක් නෑ..හැබැයි මං සම්බන්ධයක් පටන්ගත්ත දවසට මං ෆෝන් කරල කියන්නම් මෙන්න සම්බන්ධයක් පටන්ගත්තා..මං චතුරිකාව මැරි කරනව කියලත් මම කියන්නම්.
එතකං මට කියන්න තියෙන්නෙ එක දෙයයි දැනට චතුරිකයි මගෙයි අතරෙ හොඳ යාළුකමක් තියනව.ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් නෑ.
එම කතාවේ හඩපටය මෙසේය
අප සමග කළ කතාබහේදී ගයාන් තවදුරටත් කියා සිටියේ තමන් දරුවන් අතහැර දමා වෙනත් අය සමග පැන ගිය ආකාරයට මෙම සිද්ධියේදී කියා තිබීම වැරදි කතාවක් බවය.
තමා බිරිය සමග වසර 7 ක් සිටියේ නීත්‍යානුකූල ලියාපදිංචියකින් නොවන බවද හෙළිකරන ගයාන් එසේ තිබියදීත් මේවනතුරුත් දරුවන් වෙනුවෙන් නඩත්තු ගෙවන බවත් ඉදිරියට තම බිරිය අතහැර යන්නට සිදුවුවත් දරුවන් පිළිබඳ කිසිම වෙනස්කමක් නොකරන බවත් සඳහන් කරනවා.