Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

වසර 2593කට පසුව බැතිමතුන්ට බුදුන් වැඩි ‘දිවා ගුහාව’ වැඳපුදා ගන්න ඉඩ

බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් ශී‍්‍ර පාදස්ථානයට වැඩම කොට දිවා විහරණ කළ ‘දිවාගුහාව’ අවුරුදු 2593කට පසු ලෝකය හමුවේ අනාවරණය වී තිබේ.

ශී‍්‍ර පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් සහ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා පවසන පරිදි දිවාගුහාව පිහිටා ඇත්තේ නල්ලතන්නිය ශී‍්‍ර පාද මාර්ගයෙහි ශී‍්‍ර පාද මළුවට මීටර් සියයක් පමණ පහළින් සහ ඉදිකටුුපාණට ඉහළින් දකුණු පස කැලෑව තුළට වන්නටය.

මෙහි අර්ධ වශයෙන් නිර්මාණය කළ බුද්ධ ප‍්‍රතිමාවක් නිශ්ශංකමල්ල රජුගේ පිළිරුවක් සහ ශිලා ලේඛනයක් දක්නට ලැබේ.
මීට කලකට පෙර දිවාගුහාව මෙහි පිහිටා ඇතැයි සොයාගත් බව නාහිමියන් සහ බස්නායක නිලමේවරයා වැඩිදුරටත් පවසන අතර, එය තහවුරු කර ගැනීමෙන් පසුව මෙලෙස එය රටට හෙළි කරන බවද ඔවූහූ සඳහන් කරති.

‘‘පූජ්‍ය කිරිඇල්ලේ ඥානවිමල හාමුදුරුවන්ගේ පොත්වල සඳහන් වෙනවා. ‘භගවා ලෙන’ ගැන. බුදු හාමුදුරුවො සමන් දෙවියන්ගේ ආරාධනයෙන් ශී‍්‍ර පාද පද්මය පිහිටුවන්න සමන්ත කූට පර්වතයට වැඩම කර ඒ අසලට පිහිටි ලෙනක දිවා විහරණය කර තිබෙනවා.’ යයි මේ පිළිබඳව අදහස් දක්වමින් ශී‍්‍ර පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.









Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us