
විභාගෙට එන ඒවාට අනුමාන පේපර් එකේ :D මාර්ක් දමලා...
අද(17) ගණං පේපර් එකත් ලීක්ලූ..
විද්‍යාව වතුර වගේ කියා දෙන සර් කෙනෙකුට ප්‍රශ්න අනුමාන කරන්නට හැකිය. නමුත් ඕ ලෙවල් පේපර් එකේ බහුවරණ ප්‍රශ්න ලියා තිඛෙන වාක්‍ය රටා ඒ ආකාරයටම අනුමාන කරන්නට නම් දිවැස් තිබිය යුතුය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න ඒ ආකාරයෙන්ම විභාගයට පෙර සිසුන්ට ලබාදුන් පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ පිළිබඳ ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

මීට අමතරව ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී විභාග අපේක්ෂකයෙකු වෙනුවට තවත් අයෙකු පෙනී සිටීමේ අවස්ථාවක් ඇතුළු පැමිණිලි 15ක් ලැබී තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවිය හැකි වංචා වැළැක්වීම සඳහා දිවයින පුරා අධීක්ෂණ කණ්ඩායම් යොදවා ඇති බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
සා.පෙළ විද්‍යාව විභාග පත්‍රයේ හා අනුමාන පත්‍රයේ එක් ප්‍රශ්නයක් පහත පරිදිය.
සර්ට හොද යාලුවෝ ඉන්නවා
මේ හෙළිදරව්වත් සමග අද ස්වර්ණවාහිනී Live@12 එය ප්‍රචාරය කළ අයුරු පහතින්
මේ හෙළිදරව්වත් සමග ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් එය ප්‍රචාරය කළ අයුරු පහතින්