එයා බැඳල හිටිය කියල මට කිව්වෙ නෑ 21 හැවිරිදි පෙම්වතිය කතා කරයි
රත්මලාන බිරිය හා දරුවන් දෙදෙනා ඝාතනය කළ සැමියා පිළිබඳ තවදුරටත් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවලදී අලූත් තොරතුරු රැසක් දැන් අනාවරණයවී තිඛෙනවා.
විමුක්ති මධුරංග ද සිල්වා නමැති 34 හැවිරිදි සැකකරු තමාගේ වයස 27 ක් බව හා කළුතර පදිංචි බවට බොරු කියමින් වයස 21 ක් වන ළාබාල මීගමුව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් ගුරුවරියක හා පෙම් සබඳතාවයක් අරඹා තිඛෙන අතර ඇය මේ මිනීමැරුම් සිදුවනතුරු ඔහු විවාහකයෙකු බව දැන සිට නැත.
ඇයව විවාහ කරගන්නට සිතා ඔහු මේ මිනීමැරුම් කල් ඇතිව සැලසුම් කර තිඛෙන බවද පොලිස් පරීක්ෂණවලදී එළිදරව්වී තිඛෙනවා.
මිනීමැරුම් සිදු කිරීමෙන් අනතුරුව ඉතා සැලසුම් සහගත ලෙස දෙමාපියන් වේශයෙන් පෙනී සිටින දෙදෙනෙකු කුලියට ලබාගෙන ඔවුන්වත් හවුල් කරගෙන ගල්කිස්ස හෝටලයේ විවාහ උත්සවයක් ගන්නටත් සැකකරු සැලසුම් කරගෙන තිබූ බව වාර්තා වනවා.
ඔහු මේ විවාහය ගැන කතා කරගන්නට තවත් සතියකින් පමණ පෙම්වතියගේ දෙමාපියන්ට කළුතර එක්තරා නිවසකට එන්නට දිනයක්ද යොදාගෙන තිබූ බව හෙළිවනවා.
ඝාතන සිද්ධියෙන් පසු සැකකරු කළ පාපොච්චාරණය අනුව ඔහුගේ පෙම්වතිය බව කියන තැනැත්තියට පොලිසිය දුරකථනයෙන් කථා කළ පසු ඇය ගල්කිස්ස පොලිසියට පැමිණ කට උත්තරයක් දෙමින් මෙසේ පවසා තිඛෙනවා.
මං මධුරංග අඳුනාගත්තේ කොළඹ ක්ලාස් එකකට ආපු වෙලාවක.මං කොළඹ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නට ඩිප්ලෝමා කෝස් එකක් කළා.ඒ පංතිය ආසන්න තැනක මධුරංගත් වෙනත් කෝස් එකකට ඇවිත් හිටියා. එහිදී දැන හඳුනාගත්තට පස්සෙ ඔහු මගේ දුරකථනයට SMS පණිවිඩ මිස් කෝල් වරින් වර එව්වා. අපි කථා බහ කරා. ඔහු කිව්වා වයස 27 ක් බවත් පුද්ගලික ආයතනයක වැඩ කරන බවත් කළුතර පදිංචි බවත්.
නමුත් විවාහ වී ඇති බව කිසිම වෙලාවක කියල නෑ. මගේ වයස 21 යි. මං මීගමුවෙ ජාත්‍යන්තර පාසලකයි උගන්වන්නෙ. ඔහු මුණගැහිල තාම ටික කාලයයි. මාසයකට පමණ පෙර මං එක්ක පෙම් සබඳතාවයක් අරඹන්න ඕන කියල ඔහු කිව්ව. මං දෙමාපියන්ට ඒ ගැන කිව්වහම උගත් වැදගත් කෙනෙකු නිසා ඔවුන් විරුද්ධතාවයක් දැක්වුයේ නෑ. එයාගෙ දෙමාපියන් හමුවෙල බලමු කිව්වා. ලබන සතියෙ දවසක දෙමාපියන් එයාගෙ ගෙදර යන්න දින දාලා හිටියෙ.
අපේ සම්බන්ධය පටන් ගත්තට පස්සෙ අපි ගෝල් ෆේස් එකේදී හමුවුණා. නිදහස් චතුරශ්‍රයටත් ගිහින් තියනවා. බොහෝ අවස්ථාවල එයාගෙ වාහනයෙ වාඩිවෙල ඉන්න ගමන් තමයි කථා කළේ. එයා කිව්ව අපි මවුන්ට් ලැවිනියා එකේ වෙඩින් එක ජයටම ගමු කියල. ලබන 23 වෙනිදා කළුතර එයාගෙ ගෙදර එන්න දෙමාපියන් ලෑස්ති වෙවී ඉන්නකොට තමයි එයා 18 වෙනිදා උදේ කථා කරල කිව්වෙ මට ඔෆිස් වැඩකට හදිසියෙ සිංගප්පූරුවට යන්න වෙලා..23 වැඩේ කල්දාන්න වෙනව කියල
එයා කතා කරල තියෙන්නෙ ඒ මිනීමැරුම් දවසට පහුවදා උදේ බව මට වැටුහුනේ පස්සේ. මේ මිනීමැරුම ගැන මාධ්‍ය වලින් දැනගත්තත් එය කරල තියෙන්නෙ මෙයා බව දැන හිටියෙ නෑ. පොලිසිය කෝල් කරාම තමයි අදහගන්න බැරිවුනේ.එයා විවාහකයෙකු බව දන්නවනම් මේ සම්බන්ධෙ කවදාවත් අරඹන්නෙ නෑ.
සැකකාර මධුරංග මේ මිනීමැරුම් කර තරුණිය හා විවාහවීමට ඉතා සියුම් ආකාරයට සියල්ල සැලසුම් කර තිඛෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිඛෙනවා. තමා අඩුවයසක් පෙන්වූයේ ඇය තමාට 34 ක් බව දැනගත්තොත් අකැමති වේයයි සිතා බව ඔහු කියා තිඛෙනවා.
කළුතර නිවසක් කුලියට ගෙන එහි දෙමාපියන් වේශයෙන් පෙනී සිටින දෙදෙනෙකු කුලියට රඳවා තරුණියගේ පාර්ශවය රැවටීමටද ඔහු සැලසුමක් ක්‍රියාත්මක කර තිබුණ බව පොලිසියට අනාවරණය කළා. පැය 16 කට අධික කාලයක් පොලිස් ප්‍රශ්න කිරීම් වලට මුහුණදී කිසිවක් හෙළි නොකළ නමුත් අවසාන පැය කිහිපයේදී ඔහු සියල්ල පොලිසියට කියා සිටි බව වාර්තා වනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිරකූඩුවේ සිටි ඔහුට එහි සිටි අනෙක් සිරකරුවන් විසින් පහරදෙනු ලැබීමේ සිද්ධියක්ද වාර්තා වුණා.දරු දෙදෙනෙකු හා බිරියක මරාදැමූ බව කියමින් අනෙක් සිරකරුවන් මොහුගේ අමානුෂික ක්‍රියාකාරකමට පාඩමක් උගන්වා තුවාල සිදු කර තිඛෙන අතර අනතුරුව පොලිසිය මැදිහත්වී ඔහුව වෙනත් කූඩුවකට දැමූ බවද වාර්තා වුණා.
සැකකරු පිළිබඳ වැඩිදුර විභාගය අධිකරණයේදී ලබන ජනවාරි 01 වනදා යළි සලකා
බලන්නට නියමිතය.
Update(3) 12/20/2012 12:13 PM
බිරියට අනියම් සබඳතා ඇතැයි මුලින් කියුවත් සැමියා මිනීමරා ඇත්තේ ළාබාල කෙල්ලක් එක්ක පැටලැවිල්ලක් නිසාලූ..
රත්මලාන නිවසක පසුගියදා වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ දරුදෙදෙනා මරා පිළිස්සීම පිළිබඳ සිද්ධියේදී ප්‍රධාන සැකකරුවූ විමුක්ති මධුරංග ද සිල්වා නමැති සැමියා පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය තවත් කරුණු ගණනාවක් දැන් අනාවරණය කරගෙන තිඛෙනවා.
ඔහු මුලින් ප්‍රකාශ කළේ තමා තම බිරිය සැක කරමින් අලූත උපන් දරුවා තමාගේ නොවන බවට ඇතිවූ වාදයක් දුරදිගයාමෙන් මේ මිනීමැරුම් සිදු කළ බවකි.
නමුත් දැන් ඔහු ඇත්ත වමාරන්නට පටන් ගැනීමත් සමග හෙළිවන්නේ සත්‍ය ලෙසම සිදුව ඇත්තේ එහි කණපිට බවයි.
එනම් මෙම ධනවත් විධායක නිලධාරියා ළාබාල තරුණියක සමග ඇතිකරගෙන තිඛෙන අනියම් සම්බන්ධයක් නිසා ඇතිවූ ආරවුලකි.
මේ ඝාතකයා මීගමුව ප්‍රදේශයේ ළාබාල තරුණියක සමග අනියම් ඇසුරක් පැවැති බවත් සිද්ධිය වූදා (17 වැනිදා) රාත්‍රි 12 ට පමණ තමාට අනියම් ඇසුරක් තිඛෙන බව පවසමින් බිරිඳ සමග බිහින් බස් වීමක් ඇතිවූ බවත් ඒ අවස්ථාවේ ඇය බැණ වැදීම නිසා ඇතිවූ ක්ෂණික කෝපයට ඇයට පහරදී ගෙල සිරකර මරා දැමූ බවද සැකකරු පොලිසියට පවසා තිඛෙනවා.
බිරිය මරා දමන අවස්ථාවේ ඇය අසළ නිදා සිටි තුන් හැවිරිදි පුතා බියෙන් ඇහැරී ආච්චී... කියමින් කාමරයෙන් දිවයන්නට උත්සාහ කළ බවත් ඒ අවස්ථාවේ ඇතිවූ ආවේගයට තම පුතුගේ ගෙලද සිරකර මරා දැමූ බව ඔහු පවසා තිඛෙනවා.
ඝාතන ගැන නිවසේ කිසිවෙකුට නොකී බවත් මෙහෙකාරිය හෝ තම මව ඒ ගැන නොදැන සිටි බවත් කියන ඔහු මෙම ඝාතන සිදුකිරීමෙන් පසු බිරිඳගේ මළ සිරුර මාසයක් වයසැති දරුවාට කිරිදෙන ආකාරයට තබා මළ සිරුරු දෙකම සකස් කර ඇඳේ මදුරු දැල දමා අසල තිබූ ඉටිපන්දමක් පත්තු කර නිවා මෙට්ටය අසල තැබූ බවද ඝාතකයා පවසා තිඛෙන අතර ඉන් අනතුරුව බිරිඳගේ සුවඳ විලවුන් බෝතලය මදුරු දැලට ඉස ගිනි තබා කාමරයේ දොර වසා උඩු මහලේ තමා සිටි කාමරයට ගිය බව ඔහු කියා තිඛෙනවා.
පසුදා (18 දා) පෙරවරුවේ තම මව රූපවාහිනිය නැරඹීම සඳහා පැමිණ දරුවන් සිටින කාමරයට එබී දුමෙන් වැසී තිඛෙනු දැක කෑ ගැසීම නිසා තමා උඩුමහලේ සිට දිව ඇවිත් ආධාර ඉල්ලා කෑ ගසා ගින්න නිවා දැමූ බව ඔහු හෙළිකර තිඛෙනවා.
ඔහුට උවමනාවී ඇත්තේ නිවසේ අයටද මෙය ගින්නක් නිසා සිද්ධවූ ස්වාභාවික මරණයක් බව ඒත්තු ගැන්වීමටය.
මොහු ගැන වැඩිදුර සොයා බැලු පොලිසිය ඝාතනය සිදු කළ තැනැත්තා ලක්ෂයකට වැඩි වැටුපක් ගත් ඇගලූම් කම්හලක විධායක නිලධාරියෙකු බව සොයාගන්නට හැකිවුණා. කෙසේ වෙතත් ඔහුගේ පුද්ගලික ප්‍රශ්න නිසා මින් සති කිහිපයකට පෙර එම සේවයෙන්ද ඔහුව ඉවත්ව තිඛෙනවා.
අනියම් පැටලැවිල්ල නිසා ඔහු පසුගිය කාලයේ නිවසටවී සිට ඇත්තේ නුරුස්නා ස්වරූපයකිනි.
ළාබාල තරුණියක සමග තිඛෙන ඔහුගේ අනියම් සම්බන්ධය ඇත්තක් බව පොලිසිය හමුවේ ඔහු පිළිගත්තා. ඇය මීගමුව ප්‍රදේශයේ ගුරුවරියක ලෙස සේවය කරන තරුණියක බවත් බිරිය ගැබිණියකවී සිටි කාලයේ මින් මාස තුනකට පමණ පෙර මේ සම්බන්ධය ඇරඹුණු බවත් ඔහු කියනවා.නිතරම සම්භාහන මධ්‍යස්ථානවල පහස ලැබූ අයකු බවද ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියා.
ඔහුගේ අම්මා ලෙස නිවසේ සිටි 57 හැවිරිදි තැනැත්තිය ඇත්තම අම්මා නොවන බවත් දරුවන් නොමැතිකම නිසා ඇය ඔහුව අරන් හදාගත් බවත් ඇය විසින් කියා සිටියේ මේ සිද්ධියෙන් අනතුරුව පොලිසියේදීය.ඒවනතුරු තමන්ගේ ඇත්තම අම්මා ලෙස ඇය ගැන සිතා සිටි ඔහු ඒ බව පොලිසියේදී දැනගෙන විලාප දුන් බවත් වාර්තා වුණා.
කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබා තිබුණ සැකකරු ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයකින් උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වූ බවද පවසා තිඛෙනවා. ඔහු අරන් හදාගත් මව ගුරු උපදේශිකාවක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින අතර
ප්‍රදේශයේ වැදගත් ආකාරයට ජීවත්වූ තැනැත්තියක බව හෙළීවනවා. ඇය හෝ වෙනත් කිසිවකු මෙම ඝාතනවලට කිසිදු සම්බන්ධයක් තිබූ බවට හෙළිවී නැත.
ගුරුවරිය වෙනත් සම්බන්ධයක් පවත්වාගෙන යාම නිසා ඝාතනය කළ බව සැකකරු මුලින් පොලිසියට ප්‍රකාශ කර තිබුණත් පොලිස් විමර්ශනවලදී මියගිය ගුරුවරියගේ එවැනි අනියම් සබඳතාවක් පැවැති බවට නැන්දම්මාගෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හෙළිවී නැතැයිද වාර්තා වුණා.
අලූත් තරුණියට වහවැටුණ තමා බිරිඳගෙන් දික්කසාදය ලබා ගැනීමට අදහස් කර තමන් සේවය කළ ස්ථානයෙන්ද ඉවත් වුවත් නීතිය හමුවේ පෙනී සිටීමට බියක් දැක්වූයේතමාගේ තත්ත්වයට එය කැළලක් විය හැකි යයි සිතා බවද හෙළි කර තිඛෙනවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මානසික රෝග වාර්තාවක් ලබාගන්නටද නියම වූ අතර ඔහු රක්ෂිත බන්ධනාගාරයේ තබාගෙන පොලිසිය වැඩිදුර තොරතුරු විමර්ශනය කරනවා.
Update(2) 12/18/2012 07:00 PM
රත්මලානේ මව හා දරුවන් දෙදෙනා ගින්නෙන් මියයාම අලූත උපන් බිළිඳා ගැන සැකයකට..සැමියා සිදු කළ ත්‍රිත්ව ඝාතනයක්
ඊයේ උදෑසන රත්මලාන ගොළුමඩම හන්දිය ප්‍රදේශයේ නිවසක කාමරයක රූමත් පාසල් ගුරුවරියක සිය දරු දෙදෙනා සමග අබිරහස් ලෙස පිළිස්සී මියයාමේ සිද්ධිය අප ඊයේ සවස වාර්තා කලේ එය මිනීමැරුමක්ද යන සැකයද ඇති බව දක්වමිනි.
මේ වන විට වාර්තා වන්නේ එය ත්‍රිත්ව ඝාතනයක් බවය. පිළිස්සී මිය ගිය කතාව මවා පෑමක් බවත්, මව හා තුන් හැවිරිදි දරුවා ගෙල සිර කිරීමෙන් ද මාස එකේ දරුවා හුස්ම හිර කිරීමෙන්ද එම පියා විසින් මරා දමා ඇතැයි වාර්තාවන අතර එම මිනීමැරුම සිදුකර ඇඳවල් ගිනි තබා ඇති බවත් එයට නිවසේ මෙහෙකාරියද උදව් කර ඇතැයි දැන් හෙළිවී තිඛෙනවා.

ඔවුන් මියගොස් සිටියේ ඇඳක පිලිස්සී උණුවී ගොස් තිබූ මෙට්ටය මතයි. ඔවුන් නිදා සිටි කාමරයේ ඇඳන් දෙකෙහි මෙට්ට දෙක පමණක් කිසියම් ආකාරයකින් ගිනිගෙන තිබීම පොලිසියට සැක මතුව තිබූ අතර ඇතුළේ ඇතිවූ ගින්නක් නම් එම ගින්න පැතිරුණු ස්වරූපය මීට වඩා වෙනස්විය යුතු බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය අවස්ථාවේ මියගිය අයගේ සැමියා සහ නැන්දම්මාද මෙහෙකාරියද අනෙකුත් කාමරවල නිදා සිටීම මුලදී සැකයට භාජනය වූ විට සැමියා කියා සිටියේ දරුවා ඉපදී මාසයක් බවත් ඇයට කිරිදීමට පහසුවීම පිණිස හා අනෙක් දරුවාට නිදාගැනීමට ඉඩදී ඔහු ඇතැම් දිනවල අනෙක් කාමරයේ නිදාගන්නා බවය.
අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව එම මරණ තුනම පිළිස්සීමට පෙර සිදුවූ බව තහවුරු වීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණවලට මෙය මිනීමැරුමක් යන සැකය තවත් වැඩිවුණ අතර සැමියා දීර්ඝ වශයෙන් ප්‍රශ්නයට ලක්කළේ එයින් පසුය.
ඇගළුම් කම්හල විධායකයකු වූ එම මියගිය ගුරුවරියගේ සැමියා මීට සතියකට දෙකකට පමණ පෙර රැකියාවෙන් ඉවත්වී ඇති බවද වාර්තා වුණා. ඔහුට තම බිරියගේ අනියම් සම්බන්ධයක් ගැන සැකයක් පැවති බවද පැවසුණා.
අලූත උපන් එක් මසැති බිළිඳා තමාගේ දරුවෙකු නොවන බව කියමින් තමා ඇය සමග ආරවුල්වල පැටලූණ බව ඔහු කියා සිටි බවත් පොලිසියේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ තමා ඊයේ තම බිරියගේ ගෙල සිරකර මරා දැමූ බවත් ඔහු පාපොච්චාරණය කර තිඛෙනවා.
බිරිය මියයාමෙන් පසු තුන්හැවිරිදි පුතාගේද ගෙල සිර කළ තමා එක් මසැති බිළිඳා මියයනතුරු හුස්ම තද කරගෙන සිටි බවද පාපොච්චාරණය කළා. ඉතා අමානුෂික ලෙස තම බිරිය හා දරු දෙදෙනා ඝාතනය කළ පසු සිද්ධිය එළි නොවන්නට එම ඇඳ මෙට්ට වලට ගිනි තබන්නට ඔහු ක්‍රියාකර ඇත්තේ නිවසේ මෙහෙකාරියගේද සහාය ලබාගෙනයි.
කාමරය ඒසී කාමරයක් නිසා පිටතට කිසිවක් නෑසෙන්නට ඇති බව පොලිසිය විශ්වාස කරනවා. දෙමහල් නිවසේ බෝඩිං කරුවන් 15 ක් පමණ සිටියත් මේ ඝාතනය ගැන ඔවුන්ට හෝඩුවාවක් ලැබීද නැත.
මේ සිද්ධියෙන් මියගියේ මොරටුව වේල්ස් කුමරි ජාතික පාසලට අනුයුක්තව සේවය කරමින් සිටි සචේතනා සඳමාලි සිල්වා නමැති 31 හැවිරිදි මව සමග තුන් හැවිරිදි ප්‍රභාත් බානුක සහ මාසයක් වයසැති ක්‍රිෂාන්ත සඳරුවන් නමැති පුතුන් දෙදෙනායි.
පොලිස් පරීක්ෂණවලින් පසුව සැකපිට දරුවන්ගේ පියා සහ ගෙදර මෙහෙකාරිය අත්අඩංගුවට ගනු ලැබ තිඛෙනවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Update(1) 12/17/2012 11:00 PM
රත්මලානේ ගුරුවරිය සහ සිගිති පුතුන් නිදි යහනේම පිළිස්සිලා
රත්මලාන, කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් මවක් හා කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද උදෑසන 7 ට පමණ ලැබුණු දුරකථන ඇමතුමක් අනුව එම සිරුරු සොයාගත් බවය.
සිද්ධිය පිළිබඳ ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ පිලිබදව අද ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් සහ සිරස ට්වී එය ප්‍රචාරය කළ අයුරු පහතින්
Live@8 News
Sirasa News