Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මැරයින් ගැවසෙන තැන්වල ඉන්න බැරි නිසා අපි යනවා - ජනපති පැමිණෙනවිට ෆොන්සේකා නැගිට යයි...

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල -විජයබා මාවතේ පිහිටි නිවසට ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදී

එම නිවසේ සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා සහ එම සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාත්, ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාත් නැගිට ගියේය.
විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට ඊයේ උදැසන එල්ලවී ඇති වෙඩි ප්‍රහාරය පිලිබදව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විපරම් කිරීම සදහා එම පිරිස පැමිණියහ.

ජනාධිපතිවරයා පැමිණීමත් සමග ම ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සමග නිවසින් පිටතට ආ ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධිය දැඩිව විවේචනය කල අතර ''මැරයින් ගැවසෙන තැන්වල ඉන්න බැරිනිසා අපි යනවා'' යයි ද කීය.

අනුර දිසානායක මහතා නැගිට එද්දී ''ඇයි යන්නේ? '' යයි ජනාධිපතිවයා ඔහුගෙන් සුහදශීලිව විමසා සිටි අතර  එහිදී මන්ත්‍රීවරයා එකවරම කියා සිටියේ ''ඔබතුමා ආපු නිසා අපි යනවා '' කියාය.

වෙඩි තැබීමේ සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව පෙරවරුවේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස රවී කරුණානායක, එරාන් වික්‍රමරත්න විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ නිවසට පැමිණයහ.

ඊයේ අලූයම 12.20 ට පමණ සිය නිවස ඉදිරිපිටින් වෙඩි හඩවල් 3 ක් ඇසුණු බවත් ඉන් එක් වෙඩි ප‍්‍රහාරයක් සිය නිවසේ බිත්තියකට වැදී ඇති සළකුණු දක්නට ලැබුණු බවත් විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සිය නිවසට පැමිණි පිරිසට පැහැදිලි කළේය.

මෙම සිද්ධිය පිළිබද සිරස වීඩීයෝව.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us