Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග පවසයි.

ලබන ජනවාරි 08 වන දින නව වසරේ පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹීමෙන් පසු 10 සහ 11 දෙදින තුල දෝෂාභියෝගය සම්බන්ධ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමික අතර ඉන් අනතුරුව අවසන් තීරණය ගැනීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිදුවනු ඇත.

යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් ඇය ධුරයෙන් පහ කිරීමට තීරණය කල හොත් එය තම පෞද්ගලික දත්ත වාර්තාවන්ට අහිතකර ලෙස බලපාන බැවින් ඇය විසින් මෙම තීරණය ගැනීමට තීරණය කර ඇකි බව සඳහන්ය.
වාර්තා වන අන්දමට අගවිනිසුරුවරියට බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයකින් රැකියාවක් සඳහා ආරාධනා ලැබී ඇති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ දැනට දරන ධුරයෙන් දුෂණ චෝදනා හේතුවෙන් නෙරපා හැරීමකදී එම රැකියාව නොලැබී යා හැකි බවයි.

මේ අතර වසර දෙකක් බි‍්‍රතාන්‍යයේ එම තනතුර දැරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරක් සඳහා අගවිනිසුරුවරිය යෝජනා වී ඇති අතර එම සංවිධානයෙන්ද ඇයට ඇයට දන්වා ඇත්තේ දුෂණ චෝදනා මත සේවයෙන් නෙරපා හැරියන් තම සංවිධාවයට බඳවා ගැනීම සංවිධානයට කැළැල් ඇති කරන්නක්  බවය.

මේ සියළු හේතු සලකා බලමින් අගවිනිසුරුවරිය තීන්දු කර ඇත්තේ ලබන ජනවාරි 15 හෝ ආසන්න දිනකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නටයි.

මේ අතර ඊයේ දිනයේ කැලණිය රජමහ විහාරයේදී පැවති බෝධි පූජා පිංකමකට සහභාගී වූ ඇය පවසා ඇත්තේ ‘පදනමක් නැති බොරු චෝදනා එල්ල කරමින් රජය ද්වේශසහගතව මට පහර දෙනවා. ඒත් මා මේ කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. මට සියලු දේ අහිමි කළත් අවසානයේ ජනතාවට යමක් ඉතුරු වේවි’ යනුවෙනි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us