කේළම්කාරයෙක් , දෙබිඩ්ඩෙක්
විජේදාස රාජපක්ෂ මහතා ආදායම් බදු නොගෙවා වංචා කිරීමට වරදකරුවකු වී රු 60,000 ක් දඩ කෑ පුද්ගලයෙකු බවත්
ජනාධිපතිවරයාට එක් පසකින් කේලාම් කියමින් අනෙක් පසින් අගවිනිසුරුවරියට කේලාම් කියන දෙබිඩ්ඩෙක් බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.
පාර්ලිමේන්තුවට වඩා ශේෂ්ඨාධිකරණය උත්තරීතර යැයිද,නීතිඥ සංගමයේ සභාපතීත්වය ස්වාධීනව කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම බාධාවක් නොවේ යැයි විජේදාස රාජපක්ෂ මහතා සිදුකල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ අදහස් පලකලේය.
එහිදී වැඩිදුරටත් අදහස් පලකල අමාත්‍යවරයා පාර්ලිමේන්තුව උත්තරීතර නැතැයි විජේදාස මහතා කරන ප්‍රකාශයේ කිසිඳු තේරුමක් නෑ. ජනාදිපති නීතිඥ්ඥයෙක් නෙවෙයි පෙරකදෝරුවෙක් උනත් ඒක දන්නව. පර්ලිමේන්තුව ගත්ත තීරණයකට ඉහලින් යන්න අධිකරණයට බෑ.
මොකද අධිකරණයට අවශ්‍ය සියලු නීති රීති සපයල දෙන්නේ පාර්ලිමේන්තුව. ලංකාවේ ඕනෑම කැළඹීමක් ඇති උනොත් කැඳවන්නේ පාර්ලිමේන්තුව මිසක් අධිකරණය නෙවෙයි.
අනිත් අයට චෝදනා නගන විජේදාස රාජපක්ෂ මහතා ආදායම් බදු නොගෙවීම පිලිබඳ වැරදිකාරයකු වී රු 60,000ක් දඩද කාපු කෙනෙක්. මම පාර්ලිමේන්තුවේදිත් මේ කරුණ පෙන්වා දුන්නා. එතුමා එක් පසකින් ජනාධිපතිතුමාට කේළාම් කියමින් අනෙක් පසින් අගවිනිසුරුවරියට කේලාම් කියමින් දෙබිඩි ක්‍රියාමාර්ගයක නිරත වෙලා ඉන්නේ. යැයිද පැවසීය.
හඬ පටය Click here
- යටිනය ප‍්‍රදීප් කුමාර